ඉන්දියාව කරන දෙය කිරීමට ශ්‍රී ලංකාව බැඳී නෑ - කෙහෙළිය.

Saturday, 09 November 2013 - 19:19

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%93+%E0%B6%B1%E0%B7%91+-+%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA.
ඉන්දියාව සිදුකරන සෑම ක්‍රියාවක්ම ශ්‍රී ලංකාව සිදුකළ යුතු බවට නෛතිකව හෝ සාම්ප්‍රදායිකව බැඳීමක් නොමැති බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. චැනල් ෆෝ අධ්‍යක්ෂ කැලම් මැක්රේට ඉන්දියාවට පැමිණීමට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙන අවස්ථාවක ශ්‍රී ලංකාව ඔහුට වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් මහනුවරදී අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් සමග පැමිණෙන මාධ්‍ය කණ්ඩායම සමග කැලම් මැකරේ දිවයිනට පැමිණෙන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා. ඔහු ශ්‍රී ලංකාවට පැමිණ මෙරට සැබෑ තත්ත්වය දැකගනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එමෙන්ම, චැනල් ෆෝ අධ්‍යක්ෂ කැලම් මැක්රේ දිවයිනට පැමිණ කුමක් සිදුකළත් එම අභියෝගවලට මුහුණදීමට ලක් රජය සූදානම් බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories