Update :කහ ඉරේදී ජීවිතයක් අහිමි කළ පොලිස් පුතා අද අධිකරණයට.

Sunday, 10 November 2013 - 21:40

Update+%3A%E0%B6%9A%E0%B7%84+%E0%B6%89%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7.
පානදුර - අළුබෝමුල්ල ප්‍රදේශයේ දී කහ ඉර මත සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  අදාළ රථයේ රියදුරු වන ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ පුත්‍රයා අද (11) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊයේ පස්වරුවේදී පානදුර සිට බණ්ඩාරගම දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක ගැටීමෙන් කහ ඉර මතින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ 54 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අනතුරෙන් 14 හැවිරිදි පාසල් දැරියකද තුවාල ලැබුවා. අනතුරින් 54 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර බරපතල තුවාල ලැබූ පාසල් දැරිය ශල්‍යකර්මයක් සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

 Update : Monday, 11 November 2013 - 7:30
-----------------------------------------------------------------------------------------------------

කහ ඉරේදී ජීවිතයක් අහිමි කළ පොලිස් පුත්‍රයා අත්අඩංගුවට.

Sunday, 10 November 2013 - 21:40

හොරණ - රත්නපුර මාර්ගයේ අළුබෝමුල්ල ප්‍රදේශයේ දී කහ ඉර මත සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අදාළ රථයේ රියදුරු වන ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (10) පස්වරුවේ දී 54 හැවිරිදි පුද්ගලයෙකු සහ 14 හැවිරිදි පාසල් දැරිවියක් කහ ඉර මතින් ගමන් කළා. එම අවස්ථාවේදී පානදුර සිට බණ්ඩාරගම දෙසට ගමන් ගනිමින් තිබූ වෑන් රථයකයි මොවුන් ගැටී ඇත්තේ. අනතුරින් 54 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර බරපතල තුවාල ලැබූ පාසල් දැරිය ශල්‍යකර්මයක් සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories