ජෝන් කෙරී මැද පෙරදිග සමග සාකච්ඡාවක.

Monday, 11 November 2013 - 7:54

%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%93+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A.
ඉරානය සහ සිරියාවේ උද්ගතව ඇති අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පැමිණ තිබෙනවා. ජිනීවා සිට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙලෙස ඊයේ දිනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙහිදී ඉරානයේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් සහ සිරියාවේ උද්ගතව ඇති අභ්‍යන්තර ගැටුම් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණීමෙන් අනතුරුව අදහස් දැක්වූ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසා ඇත්තේ ඉරානය සහ සිරියාවේ අර්බුද සම්බන්ධයෙන් සාර්ථක විසඳුමක් ලබාදීම සඳහා මේ වනවිටත් ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය, චීනය, ප්‍රංශය, රුසියාව යහපත් එකඟතාවයකට පැමිණ ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories