කොළඹ සංවර්ධනයට රු. බිලියන 1.5ක්. CHOGM - 2013

Monday, 11 November 2013 - 18:59

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94.+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+1.5%E0%B6%9A%E0%B7%8A.+CHOGM+-+2013
පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් කොළඹ නගරයේ සිදුකර ඇති නගර අලංකරණ කටයුතු පිළිබදව පැහැදිලි කිරීම සඳහා කොළඹ මහ නගර සභාව අද (11) මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. එහිදී අදහස් දැක්වූ කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් කියා සිටියේ නගරය අලංකරණ කටයුතු සහ මංමාවත් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දළ වශයෙන් රුපියල් බිලියන 1 යි දශම 5 ක මුදලක් වැය වූ බවයි. ඉන් මිලියන 500 ක් මහනගර සභාවේ ප්‍රතිපාදන යටතේත්, ඉතිරිය ලෝක බැංකු ව්‍යාපෘතියක් ලෙස සිදුකෙරුණු බව නගරාධිපතිවරයා කියා සිටියා. කෙසේ වෙතත්, නගර සභාවෙන් වැය වූ මුදල වෙනුවෙන් මිලියන 800 ක් ඉදිරියේදී මහා භාණ්ඩාගාරයෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories