වීඩියෝ: පංච පුද්ගල ඝාතන සිද්ධියේ සැකකරු පාපොච්චාරණය ප්‍රතික්ෂේප කරයි.

Monday, 11 November 2013 - 19:52

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B4%E0%B6%82%E0%B6%A0+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
අනුරාධපුරය - විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේදී සිදුවූ පංච පුද්ගල ඝාතන සිද්ධියේ සැකකාර හිටපු හමුදා සෙබලා මෙම ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. පසුගිය 8 වන දා අදාළ සැකකරු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරසිංහ හමුවේ කියා සිටියේ අද (11) දිනයේ දී මෙම අපරාධය සම්බන්ධයෙන් සිය කැමැත්තෙන්ම පාපොච්චාරණයක් ලබාදෙන බවයි. එහෙත් මෙම නඩුව අද කැදවූ අවස්ථාවේදී සැකකරු පාපොච්චාරණයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව මේ මස 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බකමූණ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 ක පුද්ගලයෙක්.

මෙම ඝාතන සඳහා යොදාගත් ලේ තැවරුණු මන්නයක්, සවලක් සහ ඇඳුම් ඇතුලූ සියලූ නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂක වෙත සහ ඞී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා යැවීමට කටයුතු කරන ලෙසයි විනිසුරුවරිය මෙහිදී නියෝග කළේ. සැකකාර හිටපු හමුදා සෙබළාගෙන් මෙම පංච පුද්ගල ඝාතනය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් ලබාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා පොලීසියේ මේජර්වරයෙකුට අවසර ලබාදෙන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා. ඒ අනුව සැකකරු අධිකරණයට රැගෙන ආ බන්ධනාගාර බස් රථය තුළම ආයුධ සන්නද්ධ දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ අදාළ ප්‍රකාශය ලබා ගෙන ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එකම පවුලේ මව, පුතා, දියණිය සහ ඥාතී කාන්තාවක් සහ ඇගේ පුත්‍රයා මෙලෙස ඝාතනයට ලක්වූයේ පසුගිය 5 වැනිදායි. මෙම සිද්ධියේදී බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ මේ වනවිටත් ප්‍රතිකාර ලබනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories