උතුරෙන් ජනපතිට යෝජනාවක්.

Tuesday, 12 November 2013 - 7:45

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
උතුරු පළාත් සභාවේ ආණ්ඩුකාවරයා ලෙස සිවිල් පුද්ගලයෙකු පත්විය යුතු බවට ඊයේ (11) රැස්වූ එම පළාත් සභාව විසින් යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. ඉදිරියේ දී මෙම යෝජනාව ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම් ප්‍රකාශ කළේ. ඔහු කියා සිටියේ උතුරු පළාතේ ජනතාව පිළිබදව යථාර්ථවාදී හැගීමක් තිබෙන පරිපාලන නිලධාරියෙකු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කළ යුතු බවයි. එමෙන්ම මෙම පුද්ගලයා ජාතික සමගිය වෙනුවෙන් කැපවීමක් කළ හැකි පුද්ගලයෙක් විය යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories