වීඩියෝ : චැනල් ෆෝ ජනපතිගෙන් අවස්ථාවක් ඉල්ලයි.

Wednesday, 13 November 2013 - 7:18

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%A0%E0%B7%90%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+%E0%B7%86%E0%B7%9D+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ආවරණය කිරීමට දිවයිනට පැමිණ සිටින චැනල් ෆෝ මාධ්‍යවේදීන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියා. ඒ, ජනාධිපතිවරයා කොළඹ දී ආරම්භ වූ ව්‍යාපාරික සමුළුවේ සමාරම්භක උත්සවය අවසන් වී යළි පිටත්ව යන මොහොතේ දීයි. එහිදී චැනල් ෆෝ මාධ්‍යවේදී ජොනතන් මිලර් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ යුධ අපරාධ සම්බන්ධයෙන් නැගෙන චෝදනා පිළිබදවයි. තමන් ඊට අදාළව ප්‍රකාශ වන ඇතැම් කරුණු පිළිබදව කලබල නොවන බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියා. අනතුරුව චැනල් ෆෝ මාධ්‍යවේදියා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් තමන්ට ජනාධිපතිවරයා හමුවිය හැකි දැයි විමසීමක් කළා. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ  ඕනෑම මොහොතක තම කාර්යාලය අමතා ඊට කාලය වෙන් කර ගත හැකි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories