වීඩීයෝ: Update : තමිල්නාඩුවේ වර්ජන යෝජනාව නොතකා කුර්ෂිඞ් දිවයිනට.

Wednesday, 13 November 2013 - 10:07

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D%3A+Update+%3A+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9E%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ඉන්දියාව සම්පූර්ණයෙන්ම වර්ජනය කළ යුතු බවට තමිල්නාඩු ප්‍රාන්ත රජය යළිත් වරක් යෝජනාවක් සම්මත කර ගෙන තිබෙනවා. ඊයේ සම්මත කර ගත් මෙම යෝජනාව පිළිබඳව තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං දැනුවත් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ. පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ඉන්දියාව වර්ජනය කළ යුතු බවට පසුගිය මස 24 වැනිදා ද තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් යෝජනාවක් සම්මත කර ගත්තා. ඔවුන් සිය යෝජනාව මගින් පෙන්වා දෙන්නේ ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් මෙම සමුළුවට එක්වීම වැරදි බවයි.

 
ඉන්දීය මධ්‍යම රජයේ සහ තමිල්නාඩු දේශපාලනඥයින්ගේ බලපෑම මත ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මෙම සමුළුවට එක්නොවන බව ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, තමිල්නාඩුව සම්මත කර ගත් යෝජනාව නොතකා ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් ඇතුළු දූත පිරිස මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ අද (13) පෙරවරු 11.00 ට පමණ ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි බවයි. සමුළුව සඳහා සහභාගි වන ඉන්දියානු කණ්ඩායමේ නායකත්වය ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් දරන අතර ඔවුන් දින 5 ක් ශ්‍රී ලංකාවේ රැදී සිටිනු ඇති.




Update : Wednesday, 13 November 2013 - 12:52 PM
----------------------------------------------------

සල්මන් කුර්ෂිඞ් ශ්‍රී ලංකාවට පැමිණීමට දිල්ලියෙන් පිටත් වෙයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි වීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් ඇතුළු කණ්ඩායම අද (13) පෙරවරුවේ දිල්ලි ගුවන්තොටුපලෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූ බව ඉන්දීය මාධ්‍ය පවසනවා. සමුළුව සඳහා සහභාගි වන ඉන්දියානු කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඉන්දීය විදේශ ඇමති සල්මන් කුර්ෂිඞ්. ඉන්දීය නියෝජිතයින් දින 5 ක් ශ්‍රී ලංකාවේ රැදී සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories