CEB රාජ්‍ය ආයතන කිහිපයකට අනතුරු අඟවයි.

Thursday, 14 November 2013 - 7:45

CEB+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9F%E0%B7%80%E0%B6%BA%E0%B7%92.
විදුලිබල මණ්ඩලය විසින් රාජ්‍ය ආයතන කිහිපයකට අනතුරු ඇඟවීමක් සිදුකරනවා.  විදුලි පරිභෝජනය වෙනුවෙන් ගෙවිය යුතු මුදල් වහාම ගෙවා දමන ලෙසයි විදුලිබල මණ්ඩලය විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ. මේ වනවිට රාජ්‍ය ආයතන කිහිපයක්ම විදුලි බිල්පත් පියවා නොමැති බවයි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී. ගනේගල සඳහන් කළේ.  මේ මාසය අවසන් වීමට පෙර හිඟ විදුලි බිල්පත් සඳහා මුදල් ගෙවන ලෙස අදාළ ආයතනවලට මේ වනවිටත් දැනුම්දී තිබෙනවා. 

මේ දිනවල ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව හේතුවෙන් එම රාජ්‍ය ආයතනවල විදුලිය විසන්ධි කිරීම සිදු නොකරන බවත් සමුළුවෙන් අනතුරුව විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවත් සභාපතිවරයා සඳහන් කළා.

මේ අතර විදුලිබල මණ්ඩලයේ සෑබෑ ආදායම් වියදම් හෙළිදරව් කොට පාරිභෝගිකයා රැකීම මහජන උපයෝගීතා කොමිසමේ වගකීමක් බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය පවසනවා. එහි උපදේශක බන්දුල චන්ද්‍රසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ 2014 වර්ෂය සඳහා විදුලි ගාස්තු නියම කිරීමේදී විදුලිබල මණ්ඩලයේ සැබෑ ආදායම් වියදම් බලපාන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories