වීඩියෝ: Update : යුද්ධය කුරිරුයි. - බ්‍රිතාන්‍ය අගමැති කැමරන්. CHOGM 2013

Thursday, 14 November 2013 - 12:53

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+Update+%3A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A.+CHOGM+2013
සිය ශ්‍රී ලංකා චාරිකාවේදී ලක් රජයට ප්‍රබල පණිවුඩයක් ලබාදීමට සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් පවසනවා. පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉන්දියාවේදී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියා සිටියේ යුද්ධයේ අවසන් සමයේ සිද්ධීන් පිළිබඳව නිසි පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. කෙසේ නමුත්, බ්‍රිතාන්‍ය අගමැතිවරයාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඇරයුම් කළේ මෙරට අභ්‍යන්තර ගැටලූ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නොවන බව ලක් රජය අවධාරණය කළේයැයි බී.බී.සී ප්‍රවෘත්ති සේවය සඳහන් කළා. සිය සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව විවේචනය කළ ද මෙරට පැවතියේ කුරිරු යුද්ධයක් බව බ්‍රිතාන්‍ය අගමැති කැමරන් පිළිගත් අතර සමුළුව මෙරට පැවැත්වීම ද සාධරණීකරණය කළා.

 
කෙසේ නමුත්, බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වැඩිදුරටත් කියා සිටියේ යුද්ධය පැවති සමයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදා විශාල හානියක් සිදුකර ඇති බවයි. එසේම, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව වර්ජනය කිරීම අසාධාරණ මෙන්ම, එය පොදුරාජ්‍ය මණ්ඩලයට සිදුකරන හානියක් ලෙස තමන් දකින බවයි ඔහු ප්‍රකාශ කළේ.

Friday, 15 November 2013 - 7:55
--------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාවට ඒමට පෙර කැමරන් ඉන්දීය මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක.

Thursday, 14 November 2013 - 12:53

පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණිමට පෙර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් ඉන්දීය කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් වනවා. ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත මේ බව අනාවරණය කළේ ඉන්දීය මධ්‍යම රජය නියෝජනය කරන තමිල්නාඩු කොංග්‍රස් මන්ත්‍රීවරයෙකු වන මානික්ක තාගෝර් උපුටා දක්වමින්.

 
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සමග අද පැවැත්වෙන මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුහුණ දී ඇති ගැටළු සහ 13 වන සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ඔහු ප්‍රකාශ කළා. ඉන්දු - ලංකා ගිවිසුම මගින් ස්ථාපිත කර ඇති 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවට බලකරන ලෙස තමන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට සූදානම් බවයි ඔහු එම පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ. මේ වනවිට ඉන්දියාවට පැමිණ සිටින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සමුළුවට සහභාගිවීම සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories