එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ හිත දිනා ගැනීම ප්‍රතිපත්තියයි. - ජනපති කියයි.

Thursday, 14 November 2013 - 10:46

%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
මෙරටට පැමිණෙන ලෙස දෙමළ ඩයස් පෝරාවට සහ එල්.ටී.ටී.ඊ හිතවාදීන්ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (14) ආරාධනාවක් සිදුකළා. ඔවුන් සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පිළිබඳව බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා. මෙම මාධ්‍ය හමුවට පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා ද එක්ව සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ දෙමළ ඩයස්පෝරාව සහ කොටි හිතවාදීන් දිනාගැනීම තම ප්‍රතිපත්තිය බවයි. නූතන පොදුරාජ්‍ය මණ්ඩලයේ පුරෝගාමී සාමාජිකයෙකු ලෙස පොදුරාජ්‍ය මණ්ඩලීය හරයන් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. එමෙන්ම, සැගවීමට කිසිවක් තමන්ට නොමැති බව ප්‍රකාශ කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශක්තිමත් නීති පද්ධතියක් ශ්‍රී ලංකාවේ පවතින බව ද පෙන්වා දුන්නා. කිසිවෙකු ප්‍රචන්ඩ ක්‍රියා සිදුකර ඇත්නම්, ඔවුන්ට දඩුවම් දීමට ද සූදානම් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories