රටවල් 4 ක රාජ්‍ය නායකයින් දිවයිනට.

Thursday, 14 November 2013 - 13:54

%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+4+%E0%B6%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.
කොළඹදී හෙට ආරම්භ වන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක උළෙලට සහභාගිවීම සඳහා අද පෙරවරුවේත් රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු දිවයිනට පැමිණියා. මේ අතර ටැන්සානියානු රාජ්‍යයේ ජනපති ජකායා කික්වෙටේ සහ මෝල්ටා රජයේ අගමැති ජෝසප් මුස්කැට් ද වනවා. මීට අමතරව සැමෝවා සහ ගයානා රාජ්‍යයේ රාජ්‍ය නායකයින්ද අද උදෑසන දිවයිනට පැමිණි බවයි පොදුරාජ්‍ය මණ්ඩල මාධ්‍ය කාර්යාලය නිවේදනය කළේ. මේ අතර අද පස්වරුවේ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වන බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ කැමිලා පාකර් ආදිපාදවරිය දිවයිනට පැමිණිමට නියමිතයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය මාධ්‍ය කාර්යාලය සඳහන් කළේ සමුළුවට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බවයි. මීට අමතරව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන්,  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් සහ මලයාසියානු සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරුන්ද අද දිනයේදී දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories