ජනපති විදේශ රාජ්‍ය නායකයින් හමුවෙයි.

Thursday, 14 November 2013 - 19:41

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා මෙරටට පැමිණ සිටින නයිජීරියානු උප ජනාධිපති මොහොමඩ් නමාඩි සැම්බෝ අද (14) උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක අනුස්මරණ කේන්ද්‍රයේදී පැවති මෙම හමුවේදී අප්‍රිකානු රටවල් සමග පවතින ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වය දී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නයිජීරියානු උප ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ මෙහිදී නයිජීරියානු උප ජනාධිපතිවරයා 2013 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සත්කාරකත්වය සැලසීමට ශ්‍රී ලංකාවට හැකිවීම පිළිබඳව ජනාධිපතිවරයා වෙත සුබ පැතුම් එක් කළ බවයි.

එමෙන්ම, තුවාලූ රාජ්‍යයේ අග්‍රාණ්ඩුකාර ඉකොබා ඉටැලෙලි ද අද (14) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. ශ්‍රී ලංකාවට පැමිණ සියල්ල දැකබලා ගැනීමට ලැබී සතුටක් බවයි මෙහිදී තුවාලූ රාජ්‍යයේ අග්‍රාණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත්තේ.

තවද නාවුරු ජනාධිපති බැරන් වකා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතරද අද ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී නාවුරු ජනාධිපතිවරයා සඳහන් කළේ සිය රටේ සිටිනවා වැනි හැඟීමක් තමන්ට ශ්‍රී ලංකාවට පැමිණි පසු දැනුණු බවයි.

[JPG]71389_1[/JPG]
[JPG]71389_2[/JPG]
[JPG]71389_3[/JPG]
[JPG]71389_4[/JPG]


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories