තීරණය වෙනස් කරන්න ආණ්ඩුවෙන් එජාපයට පැය කිහිපයක්.

Friday, 15 November 2013 - 7:51

%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රි දහයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා හිරු ටී.වී. තුළින් විකාශය කරන බලය සංවාදාත්මක දේශපාලන වැඩසටහන ඊයේ (14) රාත්‍රියේදීත් විකාශය වුණා.

 

එහි මාතෘකාව වූයේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව යන්නයි. ඊට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම එක්වුණා. විපක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග එක්ව සිටියා. එහිදී අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා සඳහන් කළේ සිය තීරණය වෙනස් කර පොදුරාජ්‍ය මණ්ඩල නායකත්ව සමුළුවට සහභාගිවීමට එක්සත් ජාතික පක්ෂයට තව පැය කිහිපයක් පවතින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories