වීඩියෝ: Update : ඇතැම් රටවල දේශපාලන මත පිටුපස දෙමළ ඩයස්පෝරාව. - ක්‍රිස් නෝනිස්

Friday, 15 November 2013 - 12:56

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+Update+%3A+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A9%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80.+-+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A
ඇතැම් රටවල දේශපාලන මත පිටුපස දෙමළ ඩයස් පෝරාවේ සුළු පිරිසක් සිටින බව බ්‍රිතාන්‍යයේ   ශ්‍රී ලංකා මහකොමසාරිස් ආචාර්ය ක්‍රිස් නෝනිස් ප්‍රකාශ කළා. ඔහු මෙම අදහස් පළ කළේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ අද (17) පැවති මාධ්‍ය හමුවකදී විදෙස් මාධ්‍යවේදිනියක් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින්. පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේදී, ශ්‍රී ලංකාවට එරෙහිව දැක්වූ දැඩි ප්‍රතිචාරය පිළිබඳව අදහස කුමක්දැයි ඇය මෙහිදී ප්‍රශ්න කර සිටියා.
 
වසර 2 කට ආසන්න කාලයක් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස කටයුතු කළත්, චැනල් ෆෝ නාලිකාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නේ මන්දැයි මෙරට මාධ්‍යවේදියෙකු මහකොමසාරිස්වරයාට තවත් ප්‍රශ්නයක් යොමුකළා. එහිදී මහකොමසාරිස්වරයා සදහන් කළේ චැනල් ෆෝ කියන්නේ බ්‍රිතාන්‍යයේ තියෙන කුඩාම රූපවාහිනි නාලිකාවක් බවයි. මෙය බ්‍රිතාන්‍ය ජනතාවගෙන් බහුතරයක් නරඹන නාලිකාව නොවන බව ද ඔහු ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවට එරෙහිව චැනල් ෆෝ නාලිකාව සකස් කළ වීඩියෝ පටය නැරඹුවේ ඉතා සුළු පිරිසක්. තමා ඇතුළු බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිවරුන් මෙන්ම, ලක් රජය කියන මේ දෙපාර්ශවයම ගත යුතු නීතිමය ක්‍රියාමාර්ගය කුමක් ද යන්න සොයා බලා ඇති බව ඔහු කියා සිටියා.


Update : Sunday, 17 November 2013 - 7:28 PM
--------------------------------------------------------------------------------
මෙරටට එරෙහි විරෝධය ඩයස්පෝරාවේ ප්‍රචාරක යුද්ධයක්. - ක්‍රිස් නෝනිස්.

Friday, 15 November 2013 - 12:56


මෙරට පැවති ත්‍රස්තවාදී යුද්ධය පෝෂණය කළ කණ්ඩායම්, පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙද්දී, ශ්‍රී ලංකාවට එරෙහිව දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරය දියත් කර ඇති බව බ්‍රිතාන්‍යයේ ශ්‍ර‍්‍රී ලංකා මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් පවසනවා. සී.එන්.එන් ප්‍රවෘත්ති සේවාවේ අමන්පූර් වැඩසටහන සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ ස්වෛරී රටක් ලෙස මෙරට සිදුවීම් පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ඇති බවයි. ඒ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණ අනවශ්‍ය බවත්, ඔහු අවධාරණය කළා.

 
කැනඩාවේ සහ ඉන්දියාවේ නායකයන් සමුළුවට නොපැමිණීම පිළිබඳව සී.එන්.එන් ප්‍රවෘත්ති නිවේදකයා මෙහිදී මහකොමසාරිස්වරයාගෙන් විමසා සිටියා. බ්‍රිතාන්‍යය, ශ්‍රී ලංකාව දැඩි විවේචනයට ලක් කිරීම පිළිබඳවත් ඔහු එහිදී සිහිපත් කළා. ඊට පිළිතුරු දුන් ක්‍රිස් නෝනිස් කියා සිටියේ දෙමළ ඩයස්පෝරාව වැඩියෙන්ම සිටින රටවල් 5 ට එම රටවල් 3 ද අයත් බවයි. එමෙන්ම ධනවත්ම ඩයස්පෝරාව සිටින්නේ එම රටවලයි.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories