වීඩියෝ : පොදු ධනයට වඩා පොදු දුප්පත්කම ගැන සිතන්න. - ජනපති. - CHOGM 2013

Friday, 15 November 2013 - 12:58

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.+-+CHOGM+2013
පොදුරාජ්‍ය මණ්ඩලයේ අරමුණ වී ඇත්තේ සාමාජික රටවල් අතර සහයෝගිත්වය ගොඩනගා එකිනෙකාට උදව් කිරීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ආරම්භයේදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ පොදුරඳ මඩුල්ල පොදු ධනයට පෙර පොදු දුප්පත්කම තුරන් කිරීම පිළිබඳ අවධානය යොමුකළ යුතු බවයි. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය යුද්ධයේ නිමාවෙන් පසු, ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම මුහුණදෙන අභියෝග පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.
 

මෙහිදී අදහස් දැක්වූ පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේශ් ශර්මා කියා සිටියේ ශ්‍රී ලංකාව ගෝලීය පොදුරාජ්‍ය මණ්ඩල පවුලේ දීප්තිමත් ක්‍රියාකාරි සාමාජිකයෙකු බවයි. ශ්‍රී ලංකාවට අද සිට පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්ව කාර්යභාරය පැවරෙන බව ද ඔහු සඳහන් කළා.
 

පොදුරාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපති  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මෙහිදී සභාව අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකාව දැවැන්ත අභියෝග රැසකට මුහුණදී නැවත ගොඩනැගෙන රටක් බවයි. පොදුරාජ්‍ය මණ්ඩලයේ හරයන් ශක්තිමත් කිරීමට නිසි මාර්ගය වන්නේ හුදකලා කිරීම නොව එක්ව කටයුතු කිරීම බවත්, ඔහු සඳහන් කළා. ශ්‍රී ලංකාව පෙරදිනට වඩා අද ප්‍රගතියක් ලබා සිටින අතර දීප්තිමත් හෙටක් අපේක්ෂා කළ හැකි බවයි  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝන් ඇබට් ප්‍රකාශ කළේ.
 
බ්‍රිතාන්‍ය මහරැජින නියෝජනය කරමින් කොළඹ පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් චාල්ස් කුමරු සිය ශ්‍රී ලංකා මතකයන් අවදි කළා. සුනාමි ඛේදවාචකය සමයේ සිය ශ්‍රී ලංකා චාරිකාව සිහිපත් කළ චාල්ස් කුමරු සමුළුව අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකාව පසුගිය කාලය තුළ අභියෝග රැසකට මුහුණ දුන් බවයි. පොදුරාජ්‍ය මණ්ඩලය සාමාජික රටවල ගැටලූවලට විසඳුම් සපයනු ඇතැයි අපේක්ෂා කරන බවත්, චාල්ස් කුමරු සඳහන් කළා.

























































Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories