Update : මම ඉන්දියාවට වරදක් කළේ නැහැ. - කේ.පී.

Friday, 15 November 2013 - 20:24

Update+%3A+%E0%B6%B8%E0%B6%B8+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%9A%E0%B7%9A.%E0%B6%B4%E0%B7%93.
තමන් කිසිදිනෙක ඉන්දියාවට වරදක් සිදුකර නොමැති බව කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. පවසනවා. කලක් එල්.ටී.ටී.ඊ. මූල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ  ඔහු මෙම අදහස් පළ කළේ ඉන්දීය රහස් ඔත්තු සේවය ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදියි.

 

රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් හිටපු එල්.ටී.ටී.ඊ. මූල්‍ය ප්‍රධානී කුමරන් පද්මනාදන් නොහොත් කේ.පී ගෙන් ප්‍රශ්න කිරීමට ඉන්දීය ඔත්තු සේවාව තවදුරටත් බලාපොරොත්තුවෙමින් සිටින බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත ඊයේ (15) වාර්තා කළා. එහි නිලධාරියෙකු ප්‍රකාශ කර තිබුණේ ජාත්‍යන්තර පොලීසියෙන් ද ඔහුට වරෙන්තුවක් නිකුත් කර ඇති බවයි.

 
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ කේ.පී.ගෙන් ප්‍රශ්න කිරීමක් සිදුකළ යුතු බව පවසමින් ඉන්දීය රහස් ඔත්තු සේවාව මෙතෙක් කිසිදු ඉල්ලීමක් ලක් රජයෙන් සිදුකර නොමැති බවයි.

Update : Saturday, 16 November 2013 - 7:51 AM

---------------------------------------------------
කේ.පී. ගෙන් ප්‍රශ්න කළ යුතුයි. - ඉන්දියාව.

රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් හිටපු එල්.ටී.ටී.ඊ. මූල්‍ය ප්‍රධානී කුමරන් පද්මනාදන් නොහොත් කේ.පී ගෙන් ප්‍රශ්න කිරීමට ඉන්දීය ඔත්තු සේවාව තවදුරටත් බලාපොරොත්තුවෙමින් සිටින බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළා. එහි නිලධාරියෙකු පවසා ඇත්තේ ජාත්‍යන්තර පොලීසියෙන් ද ඔහුට වරෙන්තුවක් නිකුත් කර ඇති බවයි. කුමරන් පද්මනාදන්ට එරෙහිව තමිල්නාඩු පොලීසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් වී තිබෙනවා. මේ හේතුවෙන් ඔහු තමිල්නාඩු පොලීසියට ද අවශ්‍ය පුද්ගලයෙකු බවයි ඉන්දීය ඔත්තු සේවා නිලධාරියා හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ. කෙසේ නමුත්, කේ.පී.ට එරෙහිව චෝදනා පත්‍රයක් ඉන්දියාව විසින් මෙතෙක් නිකුත් කර නොමැති බවත්, එම පුවත්පත වැඩිදුරටත් සදහන් කළා. කෙසේ නමුත් මීට පෙර ඉන්දීය ඔත්තු සේවා නිලධාරීන් විසින් කේ.පී ගෙන් සාකච්ඡාවක් ලබා ගත්තා. එහිදී ඔහු සඳහන් කළේ රජිව් ගාන්ධි ඝාතනය එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් විසින්ම නියෝග කරන ලද්දක් බවයි. ඒ සම්බන්ධයෙන් තොරතුරු තමන්ට ලබා නොදුන් බවත් කේ.පී. එහිදී සදහන් කළා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ කේ.පී.ගෙන් ප්‍රශ්න කිරීමක් සිදුකළ යුතු බව පවසමින් ඉන්දීය රහස් ඔත්තු සේවාව මෙතෙක් කිසිඳු ඉල්ලීමක් ලක් රජයෙන් සිදුකර නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories