UPDATE:වීඩියෝ: ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. වීදුරු ගෙවල්වල සිට ගල් ගහන්න එපා.-ජනපති.

Saturday, 16 November 2013 - 11:05

UPDATE%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A.+%E0%B7%80%E0%B7%93%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.
‘‘ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. වීදුරු ගෙවල් තුළ සිට ගල් ගහන්න එපා.’’ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා. ඒ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. පොදුරාජ්‍ය මණ්ඩලීය මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවී ඇති මානව හිමිකම් චෝදනා පිළිබඳව දේශීය පරීක්ෂණයක් සිදු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුවහොත් තමන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා සහය වන බවයි.
 
ජනාධිපතිවරයාගේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට දෙස් විදෙස් මාධ්‍යවේදීන් 100 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වී සිටියා. එහිදී ඔවුන් ජනාධිපතිවරයා වෙත විවිධ ප්‍රශ්න ඉදිරිපත් කළා. 



UPDATE: Sunday, 17 November 2013 - 8:03 AM

---------------------------------------------------------------------------------------

කැමරන්ට ජනපතිගෙන් පිළිතුරු.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. වීදුරු ගෙවල් තුළ සිට ගල් ගහන්න එපා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා. ඒ, මේ වනවිට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදියි. අද උදෑසන පැවති මාධ්‍ය හමුවේදි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවී ඇති මානව හිමිකම් චෝදනා පිළිබඳව දේශීය පරීක්ෂණයක් සිදු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුවහොත් තමන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා සහය වන බවයි.

UPDATE: Saturday, 16 November 2013 - 7:17 pm

---------------------------------------------------------------------------------------
 ශ්‍රී ලංකාව ගැන පරීක්ෂණයක්  ඕනෑ. බ්‍රිතාන්‍ය අගමැති.


ශ්‍රී ලංකාව විශාල හැකියාවක් ඇති රටක් බව බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාව යුද්ධය නිමාවීමෙන් පසු දැවැන්ත සංවර්ධනයක් උදාකරගෙන තිබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සමගාමීව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව තමන්ට සුබවාදී බලාපොරොත්තුවක් ඇති බවයි.

උතුරේ සංචාරය කිරීමට අවස්ථාවක් ලැබීම ගැන සතුටට පත්වන බවත් බ්‍රිතාන්‍ය අගමැතිවරයා සඳහන් කළා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ද තමා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී සාකච්ඡා කළ බවයි. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ වගකීමක් බවයි බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් කියා සිටියේ.
 
තමා ශ්‍රී ලංකාවට පැමිණියේ පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගිවීමට ද නැතිනම්, ශ්‍රී ලංකාව පිළිබඳව සොයා බැලීමට දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළා. එහිදී ඔහු සඳහන් කළේ තමා පැමිණියේ එම කාරණා දෙකටම බවයි.




Saturday, 16 November 2013 - 1:10 pm
----------------------------------------------------------------------------

ශ්‍රී ලංකාවට හැකියාවක් තිබෙනවා. - බ්‍රිතාන්‍ය අගමැති කියයි.


ශ්‍රී ලංකාව විශාල හැකියාවක් ඇති රටක් බව බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ප්‍රකාශ කළා. පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සමගාමීව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ උතුරේ සංචාරය කිරීමට අවස්ථාවක් ලැබීම ගැන සතුටට පත්වන බවයි. මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ද තමා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී සාකච්ඡා කළ බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියා සිටියා. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ වගකීමක් බවයි බ්‍රිතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories