වීඩීයෝ : පරීක්ෂණ පැවැත්වීම ගැන තීරණය කළ යුත්තේ ලක් රජයයි. - කෙහෙළිය.

Saturday, 16 November 2013 - 12:53

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA.
මෙරට සිද්ධීන් පිළිබඳව වග විභාගයන් පැවැත්වීම සඳහා ශක්තිමත් අධිකරණ පද්ධතියක් පවතින බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඒ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය වන්නේ නැහැ. මෙරටට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු මට්ටම තීරණය කළ යුත්තේ, ලක් රජයයි. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව ප්‍රකාශ කළේ පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට සමගාමීව බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ අද උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙහිදී අමාත්‍යවරයාට මාධ්‍ය හමුවට එක්ව සිටි චැනල් 4 මාධ්‍යවේදියා ප්‍රශ්න කිහිපයක් යොමුකළා. ඔහු අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳවයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සාදරයෙන් පිළිගන්නා බවත්, ශ්‍රී ලාංකිකයන් ආගන්තුක සත්කාරවලින් සපිරි ජාතියක් බවට අතීතයේ සිට තහවුරු කර ඇති බවත් ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා කියා සිටියා.

ශ්‍රී ලංකාව තුළ බ්‍රිතාන්‍ය බලපෑම හීනවී ඇත්දැයි මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ස්වෛරී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට එවැනි බලපෑමක් සිදුකළ නොහැකි බවයි.
 
ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් සඳහා චීනය සහයෝගය ලබාදීම දැඩි කර තිබීම සම්බන්ධයෙන් ද චැනල් 4 මාධ්‍යවේදියා ප්‍රශ්න කළා. මාග්‍රට් තැචර් කාලසීමාවේදී  බ්‍රිතාන්‍ය රජය මෙරටට සහයෝගය ලබාදුන් ආකාරයේ සහයෝගයක් දක්වන්නේ නම් එය සාදරයෙන් පිළිගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories