Update : වීඩීයෝ: චාල්ස් කුමරු දළදා සමිඳුගේ දළදා මාළිගාවට පැමිණෙයි.

Saturday, 16 November 2013 - 14:13

Update+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%B3%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා දෙවන එළිසබෙත් රැජින නියෝජනය කරමින් මෙරටට පැමිණි බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු අද (16) දළදා සමිඳුන් වැඳපුදා ගත්තා. එහිදී මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ මියගිය සෙබළුන්ගේ දේහයන් තැන්පත් කර ඇති ගැරිසන් ස්මාරකය වෙත පැමිණ ගෞරව දක්වා තිබෙනවා. පසුව චාල්ස් කුමරු පේරාදෙණිය උද්භිද උද්‍යානයේද නිරීක්ෂනය කළ බවයි මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර කැමිලා පාකර් ආදිපාදවරිය අද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේද සංචාරයක නිරත වුණා. එහිදී දියවැඩියාව වැළඳුණු කුඩා දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඇයගේ අවධානය යොමුවුණා. එහිදී රෝහලේ කාර්ය මණ්ඩලය සහ විවිධ ප්‍රදේශවලින් පැමිණ ප්‍රතිකාර ලබන නේවාසික දරුවන් සමග ද සුහද කතාබහක නිරතවී තිබෙනවා.



Saturday, 16 November 2013 - 8:13
------------------------------------------------------------------------
චාල්ස් කුමරු දළඳා සමිඳුන් වැඳපුදා ගනී.

පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා දෙවන එලිසබෙත් රැජින නියෝජනය කරමින් මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරු අද (16) දළඳා සමිඳුන් වැඳපුදා ගත්තා. චාල්ස් කුමරු මීට පෙර අවස්ථා දෙකකදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති නමුත්, දළඳා සමිඳුන් වැඳ පුදා ගත් දෙවන අවස්ථාව මෙය වනවා. සිය මහනුවර සංචාරයේදී චාල්ස් කුමරු බ්‍රිතාන්‍ය සමයේ මියගිය සෙබලූන්ගේ දේහයන් තැන්පත් කර ඇති ගැරිසන් ස්මාරකයට ද ගෞරව දක්වනු ලැබුවා. අනතුරුව චාල්ස් කුමරු නුවරඑළිය ප්‍රදේශය බලා පිටත්ව ගිය බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories