වීඩීයෝ : Update :- ජනතාව බෙදන්න එපා. - ජනපති. CHOGM 2013

Sunday, 17 November 2013 - 12:45

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+Update+%3A-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.+CHOGM+2013
රටේ ජනතාව බෙදීමට කටයුතු නොකරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදෙස් මාධ්‍යයන්ගෙන් ඉල්ලීමක් කළා. ඒ, 22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනුයි පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ. තිස් වසරක යුද්ධයක් නිමා කළ ශ්‍රී ලංකාවේ ගැටළුවලට විසඳුම් සෙවීම දිනකින් දෙකකින් සිදුකළ නොහැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් සදහන් කළා.
 
පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පසුගිය 10 වැනිදා ආරම්භ වූ අතර, පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සංසදය පැවැත්වුණේ හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදීයි. ඉන් අනතුරුව හික්කඩුවේදී පොදු රාජ්‍ය මණ්ඩලීය මහජන සංසදය ආරම්භ වුණා. ව්‍යාපාරික සංසදය කොළඹ දී රැස්වුණු අතර, ඊට දෙස් විදෙස් ආයෝජකයන් 2000 කට ආසන්න සංඛ්‍යාවක් එක්වීමද විශේෂත්වයක්. මීට අමතරව විදේශ අමාත්‍යවරුන්ගේ සංසදයද පැවති අතර, එ සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල විදේශ අමාත්‍යවරුන් එක්ව සිටියා. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පෙරේදා ආරම්භ වුණේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි වසර දෙකක කාලයක් සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරයද හිමිවුණා. රාජ්‍ය නායක සමුළුවේ අවසන් විධායක කමිටු රැස්වීම අද මධ්‍යහ්නයේ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති අතර, එහිදී රාජ්‍ය නායකයින් රැස්වී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් අවසන් වාර්තාවද සකස් කර තිබෙනවා. එම අවසන් වාර්තාව සකස් කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සංසදය, මහජන සංසදය, ව්‍යාපාරික සංසදය සහ විදේශ අමාත්‍යවරුන් සකස් කළ වාර්තාද සැලකිල්ලට ගෙන ඇති බව සඳහන්.





Update : Sunday, 17 November 2013 - 07:08 PM
-----------------------------------------------------------------------------
30 වසරක යුද්ධයෙන් පසු සංහිඳියාව එක් දිනකින් ඇති කළ නොහැකියි. - ජනපති


තිස් වසරක යුද්ධයකින් පසු එක් දිනකින් සංහිඳියාව ඇති කිරීමට නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ සඳහා යම් කාලයක් ගත වන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ කටයුතු නිළ වශයෙන් අවසන් බවට ප්‍රකාශයට පත් කෙරෙන අවසන් මාධ්‍ය හමුවට එක්වෙමින්. එහිදී ජනාධිපතිවරයා තවදුරටත් සදහන් කළේ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල්, යුරෝපා සංගමය සහ චීනය ඇතුළු රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ආධාර ලබාදී ඇති බවයි. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද (17) පස්වරුවේ පැවැති මෙම මාධ්‍ය හමුවට පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා, දකුණු අප්‍රිකානු ජනාධිපති ජෙකොබ් සුමා, ශාන්ත කිට්ස් සහ මලයාසියාවේ අග්‍රාමාත්‍යවරුන් ද එක්ව සිටියා. මෙම මාධ්‍ය හමුවේදී 2015 වසරේ පැවැත්වෙන මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සත්කාරකත්වය මෝල්ටාවට හිමි වන බව ද නිළ වශයෙන් ප්‍රකාශ කෙරුණා.

[JPG]71556_1[/JPG]
[JPG]71556_2[/JPG]
[JPG]71556_3[/JPG]
[JPG]71556_4[/JPG]
[JPG]71556_5[/JPG]
[JPG]71556_6[/JPG]
[JPG]71556_7[/JPG]
[JPG]71556_8[/JPG]
[JPG]71556_9[/JPG]


Sunday, 17 November 2013 - 03:45 PM
-----------------------------------------------------------------------------

මීළඟ පොදුරද මඩුලූ සමුළුව මෝල්ටාවේ.

Sunday, 17 November 2013 - 12:45

22 වන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ අවසන් අදියර කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී දැන් ආරම්භ වී තිබෙනවා. එහි විධායක කමිටුවේ සැසියක් අද උදෑසන බත්තරමුල්ලේ නිකේතනයකදී පැවති අතර, අවසන් විධායක කමිටු රැස්වීම දහවල් 12 ට ආරම්භ වූයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීයි. සමුළුවේ සමාප්තිය සනිටුහන් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේෂ් ශර්මා විසින් අද පස්වරු 1 යි 15 ට මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතයි.

 
පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව 2015 වසරේදී පැවැත්වෙන රට අද පස්වරුවේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙනවා. ඒ සඳහා සත්කාරකත්වය දැක්වීමට නියමිතව තිබූ මොරිෂස් රාජ්‍යයට ශ්‍රී ලංකා සමුළුව වර්ජනය කිරීම නිසා එම අවස්ථාව අහිමි වුණා. මේ නිසා, ඒ සඳහා ඉදිරිපත් වූ මෝල්ටාව තෝරා ගැණුනු බවයි එරට පුවත්පතක් අද උදෑසන ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories