මාලදිවයින් නව ජනාධිපති අබ්දුල්ලා යමින් දිවුරුම් දෙයි.

Sunday, 17 November 2013 - 19:49

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B6%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BA%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
මාලදිවයින් නව ජනාධිපති අබ්දුල්ලා යමින් අද (17 ) පස්වරුවේ මාලේ අගනුවරදී දිවුරුම්දී තිබෙනවා. මාලදිවයිනේ 6 වන ජනාධිපතිවරයා වන ඔහු මීට පෙර මාලදිවයින වසර 30 ක් පාලනය කළ අබ්දුල් ගයුම්ගේ සහෝදරයෙක් ද වනවා. අබ්දුල්ලා යමීන් මුළු ඡුන්ද සංඛ්‍යාවෙන් සියයට 51 කට වැඩි ප්‍රතිශතයක් හිමි කරගත්තා. මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් ජයගත් පළමු ජනපතිවූ මොහොමඞ් නෂීඞ් ට හිමිවූයේ සියයට 48 දශම හයයි එකක ප්‍රතිශතයක්. කෙසේ නමුත් පළමු වටයේ ජයග්‍රාහකයා වූයේ ඔහුයි. දෙවන වටයේ ඡුන්ද විමසීම සඳහා සියයට 91ක  ඉක්මවූ ඡුන්ද ප්‍රතිශතයක් වාර්තාවූ අතර එහිදී අබ්දුල්ලා යමින් ජයග්‍රහණය හිමි කර ගත්තා. නව ජනාධිපතිවරයා දිවුරුම්දීමෙන් අනතුරුව ප්‍රථමයෙන් සුබපැතුම් එක් කර ඇත්තේ ඉන්දියාව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories