අදත් කොළඹ මාර්ග කිහිපයක් වැසේ. CHOGM 2013

Monday, 18 November 2013 - 7:40

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A.+CHOGM+2013
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනට පැමිණ සිටින රාජ්‍ය නායකයින් අද (18) දිනයේත් පිටත්ව යාම හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටියේ රාජ්‍ය නායකයන් දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවලදී විනාඩි 20 බැගින්  මෙසේ එම මාර්ග වසා තැබෙන බවයි. ඒ අනුව, පරණ පාර්ලිමේන්තු වටරවුම, කොල්ලූපිටිය හන්දිය, පුස්තකාල වටරවුම, වෝඞ් පෙදෙස ඔස්සේ බොරැල්ල කනත්ත වටරවුම, දෙමටගොඩ ඔස්සේ බේස්ලයින් මාර්ගය සහ කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය දක්වා වසා තැබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories