පිළියන්දල බිරිඳගේ සිරුර වසර තුන හමාරකට පසු ගොඩ ගනී.

Tuesday, 19 November 2013 - 13:10

%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.
වසර තුන හමාරකට පෙර ඝාතනය කරන ලද කාන්තාවගේ මළ සිරුර අද (19) පිළියන්දල - මාකන්දන - විජිතපුර දී ගොඩ ගැනීම ආරම්භ කර තිබෙනවා. ඒ කැස්බෑව ප්‍රධාන මහේස්ත්‍රාත් චමත් මදනායකගේ ඉදිරිපිටදියි.  

පිළියන්දල - මාකන්දන - විජිතපුර ප්‍රදේශයේම පදිංචිකාරිණියක් වන 47 හැවිරිදි දෙදරු මවක් වන ශකීලා පෙරේරා ඝාතනයට ලක්වූයේ 2010 වසරේ අප්‍රේල් මස 21 වන දායි. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දෙවන සැමියා පෙරේදා මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (18) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.  

ඉතාලියේ පදිංචිව සිට දිවයිනට පැමිණ ඇති ශකීලා පෙරේරා නැමති මෙම කාන්තාවට පෙර විවාහයේ දරුවන් දෙදෙනෙකු සිටිනවා. ඉන් අනතුරුව ඇය දෙවන වර විවාහවී ඇත්තේ ඇය ඝාතනය කරන ලද සැකකාර පුද්ගලයා සමගයි. එම පුද්ගලයා දිගින් දිගටම ඇයට මුදල් ඉල්ලා කරදර කර ඇත්තේ ඉතාලියට යාමටයි. ඒ සඳහා ශකීලා පෙරේරා අකමැත්ත පළ කර තිබෙනවා. කෙසේ වෙතත් ඉතාලි යෑමට මුදල් ලබා නොදීම නිසා දෙදෙනා අතර ආරවුල් පැවති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories