Update : මත්කුඩු ළඟ තබාගත් සිසුවෙකු පාසලේදීම අත්අඩංගුවට.

Tuesday, 19 November 2013 - 14:05

Update+%3A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B7%85%E0%B6%9F+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
පොල්ගහවෙල පාසලක 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු හෙරොයින් මත්කුඩු පැකට් 3 ක් ළඟ තබාගෙන සිටියදී පොලීසිය අද (19) අත්අඩංගුවට ගත්තා. ඒ, පාසල තුළ සිදුකළ සෝදිසියකින් අනතුරුවයි.

අනතුරුව සිසුවාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් හෙළිවී ඇත්තේ ඔහුට වෙනත් පුද්ගලයෙකු විසින් මෙම මත්කුඩු පැකට් ලබාදී ඇති බවයි. ඒ අනුව පොල්ගහවෙල පොලීසිය එම පුද්ගලයාද මත්කුඩු පැකට් දෙකක් සමග අත්අඩංගුවට ගත්තා. පසුව සිසුවා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 26 වැනිදා දක්වා ළමා නිවාසයක රඳවා තබන ලෙස නියෝග කර තිබෙනවා. ඒ අනුව කුරුණෑගල - ගල්කන්ද විජිත ළමා නිවාසයට මෙම සිසුවා යොමු කිරීමට කටයුතු කළ බවයි පොල්ගහවෙල පොලීසිය සඳහන් කළේ.  මෙම පාසල් සිසුවාගේ මව රැකියාවක් සඳහා විදේශ ගතව සිටින අතර පියා කුලී වැඩ කරමින් ජීවත්වන බවට අනාවරණය වී තිබෙනවා.

පාසල් පද්ධතිය තුළට හෙරොයින් වැනි මත්කුඩු සංක්‍රමණය වීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බව පොලීසිය ප්‍රකාශ කරනවා. මේ නිසා සිය දරුවන් වැඩි වශයෙන් මුදල් වියදම් කරන්නේ නම් හෝ ඔහුගේ චර්යාවේ වෙනස්කම් ඇත්නම් ඒ පිළිබද අවධානයෙන් සිටින ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ.

මේ සම්බන්ධයෙන් අප පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය එච්.එම්.ඞී.ආර්. හේරත්ගෙන්ද විමසීමක් කළා. මහාචාර්යවරයා එහිදී සඳහන් කළේ පාසල් සිසුන් යොදාගෙන මත්ද්‍රව්‍ය ප්‍රචාරය සිදුකිරීම පහසු කටයුත්තක් නිසා  ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි.

Tuesday, 19 November 2013 - 7:03 PM
------------------------------------------------------------------------------------
පොල්ගහවෙල දී හෙරොයින් සමග පාසල් සිසුවෙකු අත්අඩංගුවට.

Tuesday, 19 November 2013 - 14:05

පොල්ගහවෙල නගරයේ පාසලක පොලීසිය විසින් සිදුකරන ලද සෝදිසියකදී එම පාසලේ 13 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු භාරයේ තිබී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය පැකට් 3ක් අද සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ හෙරොයින් සමග අත්අඩංගුවට ගත් මෙම සිසුවාගේ වයස අවුරුදු 18ක් බවයි. එම සිසුවාට මත්ද්‍රව්‍ය සැපයූ තවත් පුද්ගලයෙකු පොල්ගහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු භාරයේ තිබී මත්කුඩු පැකට් 2ක් ද පසුව සොයා ගත්තා. පාසල් පද්ධතිය තුළට හෙරොයින් වැනි මත්කුඩු සංක්‍රමණය වීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. මේ නිසා සිය දරුවන් වැඩි වශයෙන් මුදල් වියදම් කරන්නේ නම් හෝ ඔහුගේ චර්යාවේ වෙනස්කම් ඇත්නම් ඒ පිළිබද අවධානයෙන් සිටින ලෙසයි මාධ්‍ය ප්‍රකාශකවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories