ඇමරිකානු හමුදා ඇෆ්ගන් මෙහෙයුම් දිගු කරන ලකුණු.

Wednesday, 20 November 2013 - 8:22

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.
2014 වසර අවසන් වීමෙන් පසුව ද ඇමරිකානු හමුදාවලට ඇෆ්ගනිස්ථානයේ රැදී සිටීම සඳහා නව ගිවිසුමක් යෝජනා වී තිබෙනවා. නේටෝ හමුදා ලබන වසරේ දී ඇෆ්ගනිස්ථානයෙන් නික්මීමට නියමිත අතර, ඇමරිකානු හමුදාවල මෙහෙයුම් ද ලබන වසරේ දී අවසන් කිරීමට නියමිතයි. එහෙත් නේටෝ හමුදා නික්මීමෙන් පසු ඇති වන ආරක්ෂක හිඩැස පිරවීමට ඇමරිකාව සූදානම් බවයි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇෆ්ගනිස්ථානයට දැනුම් දී ඇත්තේ. කෙසේ නමුත්, සිවිල් වැසියන්ට සම්බන්ධ මෙහෙයුම්වලදී ඇමරිකානු හමුදාවලට කොන්දේසි පැනවීමට සිදුවන බව ඇෆ්ගන් ජනපති කර්සායි ප්‍රකාශ කර තිබෙනවා. මේ පිළිබද එකඟතාව සාර්ථක වුවහොත් ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු හමුදා මෙහෙයුම් 2014 වසරෙන් ඔබ්බට ද ක්‍රියාත්මක වනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories