වාස්ගේ නඩුව විශේෂ නඩුවක් නොවේ. - අධිකරණය.

Wednesday, 20 November 2013 - 12:38

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.+-+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA.
වාස් ගුණවර්ධන නඩුව සිය අධිකරණයට විශේෂ නඩුවක් නොවන බව කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය අද (20) ප්‍රකාශ කළා. ඒ කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත්‍රයාට ඇප ලබාදීම පිළිබඳ පෙත්සම් අද සලකා බැලූ අවස්ථාවේයි.

 

වාස් ගුණවර්ධනට සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධනට ඇප ලබාදෙන ලෙස වාස්ගේ බිරිඳ වන ශාමලී ප්‍රියදර්ශනී පෙරේරා ඇප පෙත්සම් දෙකක් ගොනුකර තිබුණා. ඒ පෙත්සම් දෙකම අද සලකා බැලූ බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ. මෙහිදී පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ වසන්ත පිටිගල පැවසුවේ වාස් ගුණවර්ධන උසස් පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කළ නිසා අධිකරණය මඟහරින පුද්ගලයෙකු නොවන බවයි.

 
කෙසේ වෙතත්, වගඋත්තරකරුවන් වන රහස් පොලිසිය සහ නීතිපතිවරයා විරෝධතා ගොනුකර තිබුණේ නැහැ. ලබන ජනවාරි 27 විරෝධතා ගොනුකරන ලෙස දැන්වූ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය තවදුරටත් කියා සිටියේ තමා ළඟ ඇත්තේ එක හැන්දක් පමණක් බවයි. මේස හැඳි, තේ හැඳි ආදි විවිධ හැඳි තමන් ළඟ නොමැති බව විනිසුරුවරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories