Update : වීඩියෝ: සියයට සියයේ රත්‍රං අධිභාරය ඉවතට. Budget-2014

Wednesday, 20 November 2013 - 14:28

Update+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.+Budget-2014
මෙවර අය වැය යෝජනා මගින් පෙට්‍රල් සහ ඩීසල්වල නිෂ්පාදන බදු වැඩි කර තිබෙනවා. මේ අනුව පෙට්‍රල් ලීටරයක් සඳහා නිෂ්පාදන බදු ඉහළ දමා ඇත්තේ රුපියල් දෙකකින්. ඩීසල් ලීටරයක නිෂ්පාදන බදු ශත 50කින් ඉහළ දමා තිබෙනවා. මේ නිසා පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ යාමේ අවධානමක් ඇතත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වා පැවසුවේ පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි.

කෙසේ වෙතත්, රත්‍රං ආනයනයේ දී පනවා තිබූ සියයට සියයක අධිභාරය ඉවත් කර තිබෙනවා. එය අද (22) සිට ක්‍රියාත්මකයි.  

එහෙත්, දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමේ අරමුණින් රජය ආනයනික සෙස් බදු සංශෝධනය කර තිබෙනවා. මේ නිසා ඇතැම් භාණ්ඩවලට මෙතෙක් පැවැති විශේෂ වෙළද භාණ්ඩ බද්දට අමතරව වැට් හා ජාතික ගොඩ නැගීමේ බදු එකතු කර තිබීමෙන් එම භාණ්ඩවල මිල ගණන් ඉහළ යා හැකි බවයි කේ.පී.එම්.ජී. ආයතනයේ බදු උපදේශක සුරේෂ් පෙරේරා සඳහන් කළේ.
 
නව රථ වාහන ආනයන බදු ක්‍රියාත්මක වන ආකාරය ද රේගුව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව වසරකට වැඩි වසර දෙකකට අඩු කාලයක් භාවිත කළ වාහනවල ක්ෂයවීමේ අගය සියයට 10ක් ලෙස සලකමිනුයි බදු පැනවෙන්නේ. මේ නිසා පාවිච්චි කළ මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ තුනේ සිට ඉහළ යන බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේ. එහි සභාපති සම්පත් මෙරින්චිගේ කියා සිටියේ බලපත්‍ර මත ආනයනය කෙරෙන පාවිච්චි කළ වෑන් රථ මිලද විශාල වශයෙන් ඉහළ යන බවයි.

UPDATE : Friday, 22 November 2013 - 7:33 PM
---------------------------------------
රත්‍රං ආනයනයේ දී පනවා තිබූ අධිභාරය ඉවතට.

රත්‍රං ආනයනයේ දී පනවා තිබූ සියයට සියයක අධිභාරය අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා. ශ්‍රී ලංකා රේගු වෙබ් අඩවිය සඳහන් කළේ 2014 අය වැය යෝජනා අනුව එම අධිභාරය ඉවත් කිරීම ක්‍රියාත්මක බවයි.

UPDATE : Friday, 22 November 2013 - 3:01 PM
---------------------------------------
අයවැයේ රේගු බදු සංශෝධන අද සිට බලාත්මකයි.

අයවැයෙන් ඉදිරිපත් කර ඇති රේගු බදු සඳහා වන සංශෝධනයන් අද (22) සිට ක්‍රියාත්මකයි. එහිදී තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර බාහිර ක්‍රියාවලි අංශයන්ට බලපාන රේගු බදු නිදහස් කර තිබෙනවා. ඒ අනුව තොරතුරු තාක්ෂණය ආශ්‍රිත මුද්‍රණ යන්ත්‍ර සහ දෘශ්‍ය ෆයිබර් රැහැන් ද බද්දෙන් නිදහස්. බලශක්ති සුරැකුම් ද්‍රව්‍යයක් වන සූර්ය ආරක්ෂක පටලද බද්දෙන් නිදහස් කර තිබෙනවා. තේ කර්මාන්තයට අදාළ යන්ත්‍ර සූත්‍ර මෙන්ම ට්‍රැක්ටර් සඳහා රේගු බදු සංශෝධනය කර ඇති අතර, වානේ සහ සිමෙන්ති සඳහාද එම බදු සංශෝධනය වනවා. ආයූර්වේද නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තවල රේගු බද්දද සංශෝධනයට ලක්වන බවයි මෙවර අයවැයෙහි දැක්වෙන්නේ. ධීවර කර්මාන්තය ආශ්‍රිත ශීතකල මාළු ඇම සඳහාද බදුද අද සිට සංශෝධනයට ලක්වන අතර, රසකැවිලි නිෂ්පාදන කර්මාන්තයට අදාළ වන රසකාරක බදුද සංශෝධනයට ලක්ව තිබෙනවා. සංශෝධනයට ලක්ව ඇති, කොකෝවා ඇට සඳහා රේගු බද්ද ද අද සිට ක්‍රියාත්මකයි. රත්‍රං සහ ඞීසල් දෙමුහුන් මෝටර් රථ ආනයන බදුද සංශෝධනය කෙරෙනවා. බෝට්ටු නිෂ්පාදන කර්මාන්තයට අදාළ රේගු බදුද සංශෝධනයට ලක්වන බවයි අයවැයෙහි සඳහන් වන්නේ.

2014 බදු යෝජනා අතර බදු නිදහස් කිරීම මෙන්ම බදු ඉහළ දැමීම්ද දක්නට ලැබෙනවා.

ඇඟළුම් කර්මාන්ත නව සොයා ගැනීම් සඳහා කරන වියදම, බදු සඳහා හිලව් කර ගන්නා බවයි එහි දැක්වෙන්නේ. එහිදී බුද්ධිමය දේපළවලින් ලැබෙන රාජ්‍ය භාගය සඳහා වසර 07 ක බදු විරාමයක් හිමිවනු ඇති.

තේ අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීමට අපනයනය කෙරෙන්නේ නම් එහිදී සෙස් බද්ද ඉහළ දැමෙනවා. මාළු ආනයන බද්දද, ඉහළ දමා ඇති බවයි අයවැය යෝජනාවන් හි දැක්වෙන්නේ. ධීවර ආම්පන්න, බෝට්ටු එන්ජින් ආනයනයේදී බදු පහළ දැමෙනු ඇති. එහෙත් බෝට්ටු ආනයනය කිරීමේදී බද්ද ඉහළ මට්ටමක තබා ගැනීමට යෝජිතයි.

බටර්, යෝගට්, කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීමේදී සෙස් බදු පවත්වාගෙන යාමටද යෝජනා කෙරුණා. කුඩා ව්‍යාපාර පළාත් පාලන ගාස්තුවලින් නිදහස් කෙරෙන අතර, ලී භාණ්ඩ ප්‍රවාහනයේදී බලපත්‍ර ක්‍රමය අහෝසි කෙරෙනු ඇති. වෘත්තීය සාමුහික සේවා ආයතන පිහිටුවීමේදී පස් අවුරුදු බදු විරාමයක් හිමිවනවා. ඉහළ ඉල්ලූමක් ඇති වෘත්තිකයන්ගේ ආදායම්වලට අදාළ පෞද්ගලික ආදායම් බද්ද තවදුරටත් සරල කිරීමට යෝජිතයි.

වසර 03 ක් අඛණ්ඩව වසරකට ඩොලර් ලක්ෂයකට වැඩි ආදායමක් ලබන වෘත්තිකයන්ට මෝටර් රථ ආනයනයේදී සියලූ බදුවලින් 10%ක වට්ටමක් හිමිවනවා. තොරතුරු තාක්ෂණය හා බහුවිධ උපකරණවලට බලපාන බදු විෂමතාවය ඉවත් කෙරෙන අතර, ඒවායේ බදු ප්‍රමාණයන් අඩු කෙරෙන බවද අයවැය යෝජනාවල සඳහන්. පුහුණුකිරීම් සහ වෘත්තීමය සංවර්ධනයට අදාළ දේශීය විදේශීය නැව් සමාගම්වලට විශේෂ බදු සහන ලබාදෙනවා. එම සේවාවන් අපනයනයේදී 12%ක ආදායම් බද්දකට යටත් වනු ඇති. කෙසේ වෙතත්, නැව් ගාස්තු මිස වෙනත් ගාස්තු අය කිරීම තහනම් කර තිබෙනවා.

ගුවන් සබඳතා ක්ෂේත්‍රය ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස්. වෘත්තිකයන්ට නිවාස සංකීර්ණ ඉදිකරන විට ණය ආපසු ගෙවන අවස්ථාවේ වාරිකයෙන් මසකට රුපියල් 50,000 ක් දක්වා ආදායම් බදු අඩු කෙරෙනු ඇති. එම නිවාස සඳහා ණය ලබාදෙන බැංකු ඒ වෙනුවෙන් ලබන ලාබයට අර්ධ බදු විරාමයක් හිමි වනවා. එම නිවාස වෘත්තිකයන්ට පවරන විට මුද්දර බද්ද 25% දක්වා අඩු කෙරෙන්නේ වසර 07 ක් සඳහායී.

ඩොලර් මිලියන 750 ක් දක්වා ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කිරීමටද මෙවර අයවැයෙන් යෝජිතයි. මහ බැංකුවේ ප්‍රාග්ධන වත්කම්ද රුපියල් බිලියන 50 දක්වා වර්ධනය කෙරෙනු ඇති. බැංකු හා එම ආයතන පවත්වාගෙන යන මූල්‍ය සමාගම් එක් කිරීමට දිරිදෙන බවද අයවැයෙහි සඳහන්. අදාළ මූල්‍ය ආයතන අත්පත් කර ගැනීමේ වියදම බදුවලින් අඩු කර ගැනීමේ වියදමක් ලෙස සලකනු ඇති. කොටස් වෙළඳපොල සමාගම් ලැයිස්තුගත කරන විට අවුරුදු 03 ක් සඳහා අර්ධ බදු විරාමයක් හිමි වනවා.

රාජ්‍ය සේවක දීමනා වැටුපට එකතු කිරීමටද මෙවර යෝජනාවලට ඇතුළත්. තොග සහ සිල්ලර වෙළඳාමේ සැපයුමට අදාළව එකතු කළ අගය මත බදු කාර්තුවක් සඳහා බදු නිදහස් සීමාව රුපියල් මිලියන 500 සිට 250 දක්වා අඩුකර තිබෙනවා. ආනයනය කරන භාණ්ඩ මත එකතු කරන ලද අගය මත බදුවලින් ආපසු ගෙවීමේ අරමුදලට එකතු වන ප්‍රමාණය 10% යේ සිට 6% දක්වා අඩු කෙරෙනු ඇති. විදුලි සංදේශ බද්ද 20% සිට 25% දක්වා ඉහළ දැමීමටද යෝජිතයි. විදුලි සංදේශ බද්ද සංශෝධනය කිරීමෙන් ආණ්ඩුව අපේක්ෂා කරන ආදායම රුපියල් මිලියන 4000 ක්.

බැංකු හා මූල්‍ය ආයතන වෙත ජාතිය ගොඩනැගීමේ බද්ද ඇතුළත් කිරීමෙන් රුපියල් මිලියන 3,665 ක් ආණ්ඩුව අපේක්ෂා කරනවා. සුපිරි තොග සහ සිල්ලර වෙළඳ කටයුතුවලට අදාළ එකතු කළ අගය මත බද්ද පුළුල් කිරීමෙන් රුපියල් මිලියන 15,000 ක බද්දක් අපේක්ෂිතයි. මෝටර් රථ ක්ෂය කිරීමේ සංශෝධනයෙන් රුපියල් මිලියන 2000 ක්ද, රේගු බදු හා විශේෂ වෙළඳ භාණ්ඩ බදු සංශෝධනයෙන් රුපියල් මිලියන 12,750 ක්ද එකතු වනු ඇති. ප්‍රාථමික වෙළඳ භාණ්ඩ අපනයනයේදී දේශීය එකතු කළ අගය වැඩි කිරීමට මෙන්ම ආනයනයේදී වටිනාකම අවප්‍රමාණය කිරීමට ලක්වන භාණ්ඩයන්ට අදාළ සෙස් බදු සංශෝධනයෙන්ද රුපියල් මිලියන 4000 ක් උපයා ගැනීමට අපේක්ෂිතයි. බදු පුළුල් කිරීමේ යෝජනාවලින් අපේක්ෂා කරන සමස්ත ආදායම රුපියල් මිලියන 41,415 ක්.

මෙවර අයවැයෙන් ජනතාවට සහන රැසක්ද හිමිවනවා. අයවැය කතාව ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුකරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව ලබන වසරේ ජනවාරි මාසයේ සිට රුපියල්     1200 කින් වැඩි කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම, විශ්‍රාමිකයන් සඳහා ගෙවනු ලබන ජීවන වියදම් දීමනාව රුපියල් 350 කින්ද, 2006 වර්ෂයට පෙර විශ්‍රාම ගිය සේවකයින්ට රුපියල් 500 කින්ද ඉහළ දැමීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

විනිශ්චයකරුවන්ගේ පෞද්ගලික දීමනා 8% කින් වැඩි කිරීමට අයවැයෙන් යෝජනා කෙරුණා. හෙද පරිපූරක, අතුරු වෛද්‍ය සේවා සඳහා මාසිකව ලබාදෙන නිල ඇඳුම් දීමනාව රුපියල් 500 සිට 1500 දක්වා වැඩිකිරීමට ජනාධිපතිවරයා සිය අයවැය කතාවෙන් යෝජනා කළා. ඔවුන්ගේ මාසික දුරකතන ගාස්තුද රුපියල් 250 කින් ඉහළ නංවන බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ. පිරිවෙන් අධ්‍යාපනයටද මෙවර අයවැයෙන් සහන ලබාදුන්නා. කුඩා තේ වතු සහ පොල් කර්මාන්තයට සහන මෙවර අයවැයෙන් හිමි වනවා.

ලබන වසරේ ජනවාරි මාසයේ සිට වයස අවුරුදු 63 ට වැඩි ගොවීන්ට රුපියල් 1200 ක අවමයකට යටත්ව ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අයවැයෙන් යෝජනා කෙරෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
 
කාන්තා ව්‍යවසායකයින් සඳහා රුපියල් දෙලක්ෂ 50,000 දක්වා පොලී රහිත ණය ලබාදීමට අයවැයෙන් ඉදිරිපත් කළ තවත් යෝජනාවක්. දිවිනැගුම පවුල් සඳහා සහ කිරිගොවීන්ට ලබාදෙන සහන ජනාධිපතිවරයා මෙසේ විස්තර කළා.

Friday, 22 November 2013 - 7: 46
-------------------------------------------------------------------
රේගු බදු සංශෝධන හෙට සිට බලාත්මකයි.


අයවැයෙන් ඉදිරිපත් කර ඇති රේගු බදු සඳහා වන සංශෝධනයන් හෙට (22) සිට ක්‍රියාත්මකයි. එහිදී තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර බාහිර ක්‍රියාවලි අංශයන්ට බලපාන රේගු බදු නිදහස් කර තිබෙනවා. ඒ අනුව තොරතුරු තාක්ෂණය ආශ්‍රිත මුද්‍රණ යන්ත්‍ර සහ දෘශ්‍ය ෆයිබර් රැහැන් ද බද්දෙන් නිදහස්. බලශක්ති සුරැකුම් ද්‍රව්‍යයක් වන සූර්ය ආරක්ෂක පටලද බද්දෙන් නිදහස් කර තිබෙනවා. තේ කර්මාන්තයට අදාළ යන්ත්‍ර සූත්‍ර මෙන්ම ට්‍රැක්ටර් සඳහා රේගු බදු සංශෝධනය කර ඇති අතර, වානේ සහ සිමෙන්ති සඳහාද එම බදු සංශෝධනය වනවා. ආයූර්වේද නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තවල රේගු බද්දද සංශෝධනයට ලක්වන බවයි මෙවර අයවැයෙහි දැක්වෙන්නේ. ධීවර කර්මාන්තය ආශ්‍රිත ශීතකල මාළු ඇම සඳහාද බදුද හෙට සිට සංශෝධනයට ලක්වන අතර, රසකැවිලි නිෂ්පාදන කර්මාන්තයට අදාළ වන රසකාරක බදුද සංශෝධනයට ලක්ව තිබෙනවා. සංශෝධනයට ලක්ව ඇති, කොකෝවා ඇට සඳහා රේගු බද්ද ද හෙට සිට ක්‍රියාත්මකයි. රත්‍රං සහ ඩීසල් දෙමුහුන් මෝටර් රථ ආනයන බදුද සංශෝධනය කෙරෙනවා. බෝට්ටු නිෂ්පාදන කර්මාන්තයට අදාළ රේගු බදුද සංශෝධනයට ලක්වන බවයි අයවැයෙහි සඳහන් වන්නේ.









[JPG]71755_1[/JPG]
[JPG]71755_2[/JPG]
[JPG]71755_3[/JPG]
[JPG]71755_4[/JPG]
[JPG]71755_5[/JPG]
[JPG]71755_6[/JPG]
[JPG]71755_7[/JPG]
[JPG]71755_8[/JPG]
[JPG]71755_9[/JPG]
[JPG]71755_10[/JPG]
[JPG]71755_11[/JPG]
[JPG]71755_12[/JPG]
[JPG]71755_13[/JPG]
[JPG]71755_14[/JPG]
[JPG]71755_15[/JPG]
[JPG]71755_16[/JPG]

Thursday, 21 November 2013 - 7:50 PM
--------------------------------------
රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව රුපියල් 1200 කින් ඉහළට.

රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව ලබන වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 1200 කින් වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කළා. එමෙන්ම, විශ්‍රාමිකයන් සඳහා ගෙවනු ලබන ජීවන වියදම් දීමනාව රුපියල් 350 කින්ද, 2006 වර්ෂයට පෙර විශ්‍රාම ගිය සේවකයින්ට රුපියල් 500 කින්ද ඉහළ දැමීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. විනිශ්චයකරුවන්ගේ පෞද්ගලික දීමනා 8% කින් වැඩි කිරීමට ද අයවැයෙන් යෝජනා කෙරුණා.

ලබන වසරේ ජනවාරි මාසයේ සිට වයස අවුරුදු 63 ට වැඩි ගොවීන්ට රුපියල් 1200 ක අවමයකට යටත්ව ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අයවැයෙන් යෝජනා කෙරෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. දිවිනැගුම පවුල් සඳහා සහන රැසක් ලබාදීමටද ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළා. කාන්තා ව්‍යවසායකයින් සඳහා රුපියල් දෙලක්ෂ 50,000 දක්වා පොලී රහිත ණය ලබාදීමට අයවැයෙන් ඉදිරිපත් කළ තවත් යෝජනාවක්.

හෙද පරිපූරක, අතුරු වෛද්‍ය සේවා සඳහා මාසිකව ලබාදෙන නිල ඇඳුම් දීමනාව රුපියල් 500 සිට 1500 දක්වා වැඩිකිරීමට ජනාධිපතිවරයා සිය අයවැය කතාවෙන් යෝජනා කළා. ඔවුන්ගේ මාසික දුරකතන ගාස්තුද රුපියල් 250 කින් ඉහළ නංවන බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.

පිරිවෙන් අධ්‍යාපනයටද මෙවර අයවැයෙන් සහන ලබාදුන්නා. කුඩා තේ වතු සහ පොල් කර්මාන්තයට සහන මෙවර අයවැයෙන් හිමි වනවා. එමෙන්ම, කිරිගොවීන්ටද මෙවර අයවැයෙන් සහන හිමිවනවා. ලී භාණ්ඩ ප්‍රවාහනයේදී බලපත්‍ර ක්‍රමයද මෙවර අහෝසි කළා. ජාත්‍යන්තර නැව් ගාස්තු පමණක් අය කෙරෙන අතර, ඊට අදාළ වෙනත් ගාස්තු අහෝසි කෙරුණු අතර, මුදල් පනත සංශෝධනය කෙරුණා.

2% ජාතිය ගොඩනැගීමේ බද්ද බැංකු හා මූල්‍ය අංශයටද අදාළ වන බව ජනාධිපතිවරයා අද ප්‍රකාශ කළා. රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය නොකරන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

අයවැය හිඟය 2014 දී, 5.2% දක්වාද, 2015 දී, 4.5% දක්වාද, 2016 3.8% දක්වාද අඩු කිරීමට අපේක්ෂිතයි. රාජ්‍ය ණය 65% දක්වා අඩු කෙරෙනු ඇති. දරිද්‍රතාවය අඩු වී බව පැවසූ ජනාධිපතිවරයා උද්ධමනයට වඩා ආර්ථික වර්ධනය ඉහළ අගයකට ගෙන ඒම පිළිබඳ ප්‍රකාශයක්ද කළා. ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සහ මිහින් ලංකා මෙන්ම ශ්‍රී ලංගම සඳහාද ප්‍රතිපාදන වෙන් කෙරුණා.

අයවැය කතාව අවසන් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ කුමන බාධා එල්ල වුණත් ජාතික සමගිය ඇති කරමින් රට ගොඩනැංවීමට පියවර ගන්නා බවයි.

Thursday, 21 November 2013 - 7:25 PM

--------------------------------------
රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව රුපියල් 1200 කින් ඉහළට

රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව ලබන වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 1200 කින් වැඩි කිරීමට අයවැයෙන් යෝජනා කර තිබෙනවා. විශ්‍රාමිකයන් සඳහා ගෙවනු ලබන ජීවන වියදම් දීමනාව රුපියල් 350 කින්ද, 2006 වර්ෂයට පෙර විශ්‍රාම ගිය සේවකයින්ට රුපියල් 500 කින්ද ඉහළ දැමීමට යෝජනා කෙරුණා. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය කතාව මේ වනවිට නිමාවට පත්ව තිබෙනවා.

Thursday, 21 November 2013 - 3:23 PM
--------------------------------------
විනිශ්චයකරුවන්ගේ පෞද්ගලික දීමනා 8%කින් වැඩි කෙරේ.

විනිශ්චයකරුවන්ගේ පෞද්ගලික දීමනා 8% කින් වැඩි කිරීමට අයවැයෙන් යෝජනා කර තිබෙනවා. නාගරික ප්‍රදේශවල නිවාස අවශ්‍යතාවය ඇති වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි ක්ෂේත්‍රවල රැකියාවල නිරත වන්නන්ට කණ්ඩායම් වශයෙන් පදිංචිවීමට නිවාස සංකීර්ණ ඉදිකිරීමට අයවැයෙන් යෝජනා කළා. මෙහිදී ඔවුන් බැංකුවලින් ණය ලබා ගැනීමේදී රුපියල් 50,000 ක මුදලක් මාසිකව ආදායම් බදුවලින් අඩුකිරීමටයි ජනාධිපතිවරයා යෝජනා කළේ.

Thursday, 21 November 2013 - 3:10 PM
--------------------------------------
කථිකාචාර්යවරුන්ගේ අධ්‍යාපන දීමනා ඉහළට

කථිකාචාර්යවරුන්ගේ අධ්‍යාපන දීමනාව මූලික වැටුපෙන් 5% කින් ඉහළ නැංවීමට අයවැයෙන් යෝජනා වී තිබෙනවා. ඊට අමතරව පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂුවකට ලබාදෙන ආධාර මුදල දිනකට රුපියල් 15 කින් සහ ගිහි ශිෂ්‍යයෙකුට රුපියල් 05 කින් ඉහළ නැංවීමද අයවැයේ තවත් යෝජනාවක්.

Thursday, 21 November 2013 - 2:25 PM

--------------------------------------
හෙද පරිපූරක, අතුරු වෛද්‍ය සේවාවලට නිල ඇඳුම් සහ දුරකතන දීමනා.

හෙද පරිපූරක, අතුරු වෛද්‍ය සේවා සඳහා මාසිකව ලබාදෙන නිල ඇඳුම් දීමනාව රුපියල් 500 සිට 1500 දක්වා වැඩිකිරීමට ජනාධිපතිවරයා සිය අයවැය කතාවෙන් යෝජනා කළා. එමෙන්ම, ඔවුන්ගේ මාසික දුරකතන ගාස්තුද රුපියල් 250 කින් ඉහළ නැංවීමටයි ජනාධිපතිවරයා යෝජනා කළේ.

Thursday, 21 November 2013 - 2:42 PM

--------------------------------------
රු.50,000 ට අඩු ආදායමක් ලබන ව්‍යවසායකයින්ට සහන

රුපියල් 50,000 ට අඩු වාර්ෂික ආදායමක් ඇති ව්‍යවසායකයන් සඳහා පළාත් පාලන බද්ද අහෝසි කිරීම අයවැයෙන් ඉදිරිපත් කෙරෙන තවත් යෝජනාවක්.

Thursday, 21 November 2013 - 2:24 PM

--------------------------------------
ලී භාණ්ඩ ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය අහෝසියි.

ලී භාණ්ඩ ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමටද අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

Update : Thursday, 21 November 2013 - 2:20 PM
------------------------------------
ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රවාහනය දියුණු කිරීමට අයවැයෙන් යෝජනා කෙරේ.


ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රවාහනය දියුණු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අයවැය කතාව සිදුකරමින් කියා සිටියා. ජනාධිපතිවරයා සඳහන් කළේ මේ අනුව කුඩා ගම් ලක්ෂ 05 කට බස් රථ යෙදවීම සඳහා රුපියල් මිලියන 300 ක මුදලක් වෙන් කරන බවයි. එමෙන්ම, ග්‍රාමීය මාර්ගවල ප්‍රවාහන පහසුකම් නැංවීමටද පියවර ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළා.

Thursday, 21 November 2013 - 2:18 PM
------------------------------------------------
කාන්තා ව්‍යවසායකයින්ට දෙලක්ෂ 50,000 දක්වා පොලී රහිත ණය.

කාන්තා ව්‍යවසායකයින් සඳහා රුපියල් දෙලක්ෂ 50,000 දක්වා පොලී රහිත ණය ලබාදීමට අයවැයෙන් යෝජනා කර තිබෙනවා. මෙම ණය සඳහා ඉල්ලූම් කළ හැකි උපරිම වයස් සීමාව අවුරුදු 68 දක්වා දීර්ඝ කර ඇති අතර, එම වයස් සීමාව පසුකර ඇති කාන්තා ව්‍යවසායකයින් සඳහා පවුලේ නියෝජිතයෙකු නම් කිරීමෙන් ණය ලබාගත හැකි බවයි අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

Thursday, 21 November 2013 - 2:16 PM
------------------------------------
පශු සම්පත් නිලධාරීන්ට රුපියල් 7500 ක මාසික දීමනාවක්.

පශු සම්පත් නිලධාරීන්ට රුපියල් 7500 ක මාසික දීමනාවක් ලබාදීමට තමා යෝජනා කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අයවැය කතාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා. එමෙන්ම, පශු සම්පත් ක්ෂේත්‍රය වර්ධනය කිරීම සඳහා නව නිලධාරීන් බඳවා ගන්නා බවද එහිදී ඔහු කියා සිටියා.

Thursday, 21 November 2013 - 2:12 PM
-------------------------------------------
63 ට වැඩි ගොවීන්ට, ගොවි විශ්‍රාම වැටුපක්.


වයස අවුරුදු 63 ට වැඩි ගොවීන්ට රුපියල් 1200 ක අවමයකට යටත්ව ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අයවැයෙන් යෝජනා කෙරෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. මෙය ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන බවයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය අයවැය කතාව ඉදිරිපත් කරමින් වැඩිදුරටත් කියා සිටියේ.

Thursday, 21 November 2013 - 1:58 PM
------------------------------------
පොහොර සහනාධාරය දිගටම.

පොහොර සහනාධාරය දිගටම ලබාදෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ අනුව රුපියල් 350 ක් වූ සහනාධාර පොහොර යල සහ මහකන්නයේ ලබා දීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.


Thursday, 21 November 2013 - 1:49 PM
------------------------------------------
ජාතිය ගොඩනැගීමේ බද්ද බැංකු හා මූල්‍ය අංශවලට.

සියයට 2 ක් ජාතිය ගොඩනැගීමේ බද්ද, බැංකු සහ මූල්‍ය ආයතන සඳහා ද යෙදවීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා සිය අයවැය කතාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා. මේ වසරේ අයවැය හිඟය සියයට 5 යි දශම 2 දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සිය අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ 2015 වසරේදී එය සියයට 4 යි දශම 5 දක්වාත් 2016 දී අයවැය හිඟය සියයට 3 යි දශම 8 දක්වා අඩු කිරීමටත් බලාපොරොත්තු වන බවයි. රාජ්‍ය ණය සියයට 65 දක්වා අඩු කිරීමට ද බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.


Thursday, 21 November 2013 - 1:43 PM
-------------------------------------------------
ජනාධිපතිවරයාගේ අයවැය කථාව ඇරඹෙයි.


2014 වර්ෂය සඳහා වූ අයවැය කථාව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරම්භ කළා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කෙරෙන 9 වැනි අයවැය මෙයයි. එමෙන්ම නිදහසින් පසු ඉදිරිපත් කරන 68 වන අයවැයද මෙය වනවා.




Thursday, 21 November 2013 - 1:14 PM
----------------------------------------------
අයවැයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය.

අද පස්වරුවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන ලබන වසර සඳහා වන අයවැය වාර්තාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. අද පෙරවරුවේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඊට අනුමැතිය හිමිවූ බවයි රජයේ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. නිදහසින් පසු ඉදිරිපත් වන 68 වන අයවැය මෙය වන අතර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වීමෙන් පසු ඉදිරිපත් කෙරෙන 9 වන අයවැය මෙය වනවා.

 

ලබන වසර සඳහා රජයේ සමස්ත වියදම දැක්වෙන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය 22වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ලබන වසර සඳහා සමස්ත වියදම රුපියල් කෝටි එක්ලක්ෂ 54 200 ක් ලෙස එහි දැක්වෙනවා. එමගින් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ නාගරික සංවර්ධන හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයටයි. එම මුදල රුපියල් කෝටි 25 390ක්. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් රුපියල් කෝටි 856 ක් ද අධ්‍යාපනයට රුපියල් කෝටි 4 652 ක්ද, සෞඛ්‍ය සඳහා රුපියල් කෝටි 11 769 ක්ද වෙන් කර තිබෙනවා. එසේම ලබන වසර සඳහා ඇස්තමේන්තු ගත සමස්ත වියදම පියවා ගැනීම සඳහා ණය වශයෙන් ලබාගන්නා මුදල රුපියල් කෝටි එක්ලක්ෂ දස දහස නොඉක්මවිය යුතු බවද විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන්.

 
මෙම වියදම් පියවාගන්නේ කෙසේදැයි අද සිය අයවැය කථාවෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ඇති.


ලබන වසරේ අයවැය යෝජනා අද පාර්ලිමේන්තුවට.


Thursday, 21 November 2013 - 12:39 PM
----------------------------------------------------

2014 වර්ෂය සඳහා වන අයවැය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (21) පස්වරු 1.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා  ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරනු ලබන අටවන අයවැය සහ නිදහස් ශ්‍රී ලංකාවේ 67 වැනි අයවැයද මෙය වනවා.  මෙවර අයවැය ලේඛනයේ අවසන් නිරීක්ෂණ කටයුතු පෙරේදා පස්වරුවේ ජනාධිපතිවරයා විසින් සිදුකළ අතර ඊට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ද එක්ව සිටියා.

 
පසුගිය මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර සඳහා රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 1542 යි දශම 5 ක් වනවා. එය මේ වසරේ සමස්ත වියදම වන රුපියල් බිලියන 1335 ට වඩා සියයට 15.5 ක වැඩිවීමක්. එමෙන්ම ලබන වසරේ රජයේ සමස්ත ණය ලබාගැනීම් උපරිමය රුපියල් බිලියන 1100 කට සීමා කර තිබෙනවා. ලබන වසර සඳහා මෙවර අයවැයෙන් වැඩිම වියදමක් වෙන් කිරීමට යෝජනා කර ඇත්තේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයටයි. එය රුපියල් බිලියන 253 යි දශම 9 ක් වනවා. වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයට දෙවනුව වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇති අතර එය රුපියල් බිලියන 144 ක්. ලබන වසරේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සඳහා රුපියල් බිලියන 117 ක් වෙන් කර ඇති අතර එය මෙම වසරේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වියදමට සාපේක්ෂව සියයට 20 ක වර්ධනයක් පෙන්නුම් කරනවා.

Update : Thursday, 21 November 2013 - 7:45 AM
---------------------------------------------------
2014 අයවැය වාර්තාව ජනපතිගේ නිරීක්ෂණයට.

2014 අයවැය වාර්තාව හෙට (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එම වාර්තාව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදි එම වාර්තාව නිරීක්ෂණය කළා. මෙම අවස්ථාව සඳහා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්්‍ය පී. බී. ජයසුන්දර මහතා ද එක්ව සිටියා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories