Update :අයවැයෙන් සහන ඉල්ලා වෘත්තීය සමිති විරෝධතා පා ගමනක. Budget-2014

Wednesday, 20 November 2013 - 17:06

Update+%3A%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%9A.+Budget-2014
මෙවර අයවැයෙන් වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් 21 ක් ලබාදෙන ලෙස ඉල්ලා වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය අද (20) පස්වරුවේ විරෝධතා පාගමනක නිරත වුණා. කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ වූ එම පාගමන අවසන් වුණේ මුදල් අමාත්‍යාංශය ආසන්නයෙන්. මෙහිදී ඔවුන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත සංදේශයක් භාරදීමට උත්සාහ කළත්, එය අසාර්ථක වුණේ එම සංදේශය භාර ගැනීමට අතිරේක ලේකම්වරයෙකු එවීමට පොලිසිය සූදානම් වූ අවස්ථාවේදීයි. එහිදී අදහස් දැක්වු වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කමිටු සාමාජික ජනතා විමුක්ති පෙරමුණු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ කියා සිටියේ තම ඉල්ලීම් 21 ඉටුවනතුරු සටන් කරන බවයි.

Update : Wednesday, 20 November 2013 - 7:40 PM
------------------------------------------
අයවැයෙන් සහන ඉල්ලා කොළඹ කොටුවේ විරෝධතාවක්.

Wednesday, 20 November 2013 - 17:06

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැන් පවත්වන උද්ඝෝෂණ පා ගමනක් හේතුවෙන් කොළඹ - කොටුව - ලෝටස් වටරවුම අසලින් ගාලූ පාරට ඇතුලූවන මාර්ගය වසා දමා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමයේ සාමාජිකයන්ද එක්ව සිටින මෙම පා ගමන සංවිධාන කර ඇත්තේ මෙවර අයවැයෙන් ඉල්ලීම් 21 ක් ලබාදෙන ලෙස ඉල්ලමින්. ඔවුන් අද පෙරවරුවේ බොරැල්ල රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී උද්ඝෝෂණයකද නිරතවුණා. ඉන් අනතුරුවයි කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට සිට ඔවුන් මෙම උද්ඝෝෂණ පා ගමන ආරම්භ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories