1818 - 1848 දී පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින්ට වීර සම්මාන.

Wednesday, 20 November 2013 - 19:07

1818+-+1848+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1.
1818 සහ 1848 නිදහස් අරගලයන්හිදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ජාතික වීර සම්මාන ප්‍රදානය කිරීමට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ මස 26 වැනිදාට යෙදෙන වීර කැප්පෙටිපොල දිනයේදී ජාතික කෞතුකාගාරයේදී මෙම සම්මාන ප්‍රදානය සිදුවනු ඇති.

1815 මාර්තු 2 වැනිදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාව යටත් කරගැනීමෙන් පසු 1818 නිදහස් අරගලයක් ඌව වෙල්ලස්සෙන් ආරම්භ වුණා. එම වසරේ පෙබරවාරි 21 වැනිදා එවකට ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් උඩරට සියලූ ප්‍රදේශයන්ට යුද නීතිය පනවනු ලැබුවා. අරගලයේ නියමුවන් වූ කැප්පෙටිපොල සහ පිළිමතලාවේ අත්අඩංගුවට ගැනුනු අතර නොවැම්බර් මාසයේ ශ්‍රී දළදා වහන්සේද ඉංග්‍රීසින් අතට පත්වුණා. නොවැම්බර් 2 වැනිදා කැප්පෙටිපොළ දිසාවේ සහ මඩුගල්ලේ දිසාවේ මහනුවර බෝගම්බර පිටියේදී හිස ගසා මරා දැමුවේ රටම කම්පා කරමින්.
 
මෙවැනි ප්‍රකට නායකයන් මෙන්ම 1818 අරගලයේ අප්‍රකට නායකයන් රැසක් සිටියා. මෙහිදී රටින් පිටුවහල් කළ 27 දෙනෙකු සහ පසුව 1848 නිදහස් අරගලයේදී පිටුවහල් කළ ගොංගාලේගොඩ බණ්ඩා වෙනුවෙන් මේ මස 26 වැනිදා වීර සම්මාන පිරිනැමෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories