බන්ධනාගාරයෙන් නව කප්පම් ජාවාරමක්.

Thursday, 21 November 2013 - 7:43

%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
බන්ධනාගාරගතව සිටින පුද්ගලයින් විසින් මෙහෙයවන කප්පම් ලබාගැනීමේ ජාවාරමක් පිළිබඳව කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ඊට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශයට පමණක් පැමිණිලි 47 ක් මේ වනවිට ලැබී ඇති බවයි. පොලීසිය ඇතුලූ රාජ්‍ය ආයතනවල ඉහළ නිලතල දරන පුද්ගලයින්ගේ නම් යොදාගනිමින් දුරකථනය හරහා මෙම ජාවාරම සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ. එබැවින් ජනතාව ඒ පිළිබඳව  අවධානය යොමුකළ යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළා. පොලිස් දෙපාර්තමේන්තුවේද ඉහළ නිලතල දරන නිලධාරීන්ගේ නම් යොදාගනිමින් මෙම කප්පම් ගැනීම සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories