UPDATE: විපක්ෂ නායක කාර්යාලයේ සිටියේ කුණු මී කරවලෙක්.

Thursday, 21 November 2013 - 16:17

UPDATE%3A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B7%93+%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ කසල බඳුනක් යට සිටියදී ඊයේ (21) සොයා ගෙන ඇත්තේ විෂ රහිත සර්පයෙකු බව හෙළි වී තිබෙනවා. මෙම සර්පයා මාපිලෙකු බවට මීට පෙර වාර්තා වුණා. කෙසේ වෙතත්, දෙහිවල සත්වෝද්‍යානයේ සර්ප විශේෂඥයෙකු විසින් මෙම සර්පයා විෂ රහිත කරවලෙකු බවට අද කථානායකවරයා වෙත දැනුම් දී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. සර්පයා දෙහිවල සත්වෝද්‍යානයට ගෙන ගොස් අදාළ පරීක්ෂාව සිදුකර ඇති අතර ඒ පිළිබද වාර්තාව අද කථානායකවරයා වෙත එවා තිබුණා.
 
මෙම සර්පයා පරීක්ෂා කළ දෙහිවල සත්වෝද්‍යානයේ උරග උයනේ අධීක්ෂණ නිලධාරී ප්‍රේමසිරි පීරිස් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මෙම සර්පයා විෂ රහිත කුණු මී කරවලෙකු බවයි.

UPDATE Friday, 22 November 2013 - 7.18 PM
----------------------------------------------------------
විපක්ෂ නායක කාර්යාලයේ සිටි මාපිලා ගැන පරීක්ෂණයක්.

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති විපක්ෂ නායකවරයාගේ නිල කාමරයේ සිටියදී මාපිලෙකු හමුවීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස කතානායක චමල් රාජපක්ෂ පාර්ලිමේන්තු ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. මෙම සිද්ධිය සැලවීමත් සමග විපක්ෂ නායකවරයාගේ නිල කාමරයට කතානායකවරයා පැමිණ පරීක්ෂා කිරීමෙන් පසුවයි මෙලෙස උපදෙස් ලබාදී ඇත්තේ. විපක්ෂ නායකවරයාගේ කාර්යාලයේ ස්ථාපිත කර තිබූ පරිගණකයේ දෝෂයක් හේතුවෙන් එය අළුත්වැඩියා කිරීම සඳහා පාර්ලිමේන්තු කාර්මික ශිල්පීන් අද (21) දහවල් එහි පැමිණ තිබෙනවා. එම අවස්ථාවේදී විපක්ෂ නායකවරයා භාවිත කරන මේසය ආසන්නයේ තිබූ කසල බඳුන යට සිටි මෙම මාපිලා කාර්මික නිලධාරීන් දැක තිබුණා.

UPDATE Thursday, 21 November 2013 - 6.51 PM

Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories