සබ්මැරීන පිරිවරා ගත් ඉරාන නාවික හමුදා යාත්‍රා පෙලක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙත ගමන් ගනිමින් සිටින බව ඉරාන ෆාස් ප්රවෘත්ති සේවය වාර්තා කළා. ඉරානයේ සිට මෙම නාවික යාත්‍රා මුම්බායි සහ කොළඹ බලා ගමන් ගන්නා බවයි ඉරාන ආරක්ෂක ආරංචි මාර්ග උපුටා දක්වමින් එම ප්රවෘත්ති සේවය සඳහන් කළේ. දකුණු ආසියානු මුහුදු තීරයට ගමන් ගන්නේ ඉරාන නාවික හමුදාවේ යූනුස් නැමැති ප්‍රබල සබ්මැරීනයක් ඇතුළු නෞකා පෙළක් බව එමඟින් වැඩිදුරටත් ප්‍රකාශ කළා. ප්‍රහාරක නෞකාවක් මෙන්ම හෙලිකොප්ටර් රැගෙන යා හැකි දැවැන්ත යුද නෞකාවක්ද එම යාත්‍රා පෙළට ඇතුළත්. ඉරාන නාවික හමුදාවේ සංචරණ කලාපය පුළුල් කිරීමේ මෙම නෞකා ඉන්දීය සාගරයට පැමිණෙන බව සඳහන් වූවද එරට රජය ඒ පිළිබඳ නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.
මේ සම්බන්ධයෙන් අප නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරියගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ඉරාන නෞකා පෙළක් දෙසැම්බර් මාසය තුළ ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණීමට නියමිත බවයි.
මේ සම්බන්ධයෙන් අප නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරියගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ඉරාන නෞකා පෙළක් දෙසැම්බර් මාසය තුළ ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණීමට නියමිත බවයි.
Follow US
Most Viewed Stories