වීඩියෝ: එජාපය අය වැයේ හොඳක් දකී. Budget-2014

Friday, 22 November 2013 - 19:21

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93.+Budget-2014
අය වැය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අද (22) කොළඹ දී මාධ්‍ය හමු දෙකක් කැදවා තිබුණා. එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවට එක්වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා රජයේ බදු ප්‍රතිපත්තිය විවේචනයට ලක් කළේ අය වැයේ තිබෙන යහපත් ලක්ෂණයක් ද සිහිපත් කරමින්. අය වැය පරතරය අවම කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබද ඔහු ප්‍රශංසා කළ අතර, ඍජු බදු අඩු කර වක්‍ර බදු වැඩි කර ඇති බවට ඔහු චෝදනා කළා.

අය වැයට එරෙහිව ලබන 25 වන දා කොළඹ දී උද්ඝෝෂණයක් සහ පෙළපාලියක් සංවිධානය කරන බව අද පැවැති ජනතා විමුක්ති පෙරමුණු මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මෙවර අය වැය මෙතෙක් ඉදිරිපත් වූ අය වැයවලට වඩා සුවිශේෂී අය වැයක් බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර පවසනවා. කොළඹ දී ඊයේ පැවැති අය වැය විශ්ලේෂණය කිරීමේ සාකච්ඡාවකට එක්වෙමින් ලේකම්වරයා සදහන් කළේ ශ්‍රී ලංකාව ලෝකය තුළ බොහෝ ක්ෂේත්‍රයන්හි වැදගත් රටක් බවට පත් කිරීම මෙම අය වැයේ අරමුණ බවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories