Update : වීඩියෝ:ඕනෑම ව්‍යාපෘතියකට සූදානම්. නව විශේෂ ව්‍යාපෘති ඇමති කියයි.

Saturday, 23 November 2013 - 11:26

Update+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A%E0%B6%95%E0%B6%B1%E0%B7%91%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

 
රට තුළ  ඕනෑම අවස්ථාවක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තමන් කැපවී සිටින බව විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන් එස්.එම්.චන්ද්‍රසේන පවසනවා. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (23) කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේදියි. ඒ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේයි. මීට පෙර වනජීවි අමාත්‍යවරයා ලෙස කටයුතු කළ  එස්.එම්. චන්ද්‍රසේන සිය සොහොයුරු එස්.එම්. රංජිත් උතුරුමැද මහඇමතිවරයා ලෙස පත්වීමට ඉඩ සලසවමින් සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා. 



Update : Saturday, 23 November 2013 - 06-51 PM
---------------------------------------------------------
එස්.එම්. ආයෙත් කැබිනට් එකට.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (23) කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන්නා. අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ඔහු දිවුරුම් දුන්නේ විශේෂ ව්‍යාපෘති පිළිබද කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසයි. මීට පෙර වනජීවි අමාත්‍යවරයා ලෙස කටයුතු කළ  එස්.එම්. චන්ද්‍රසේන සිය සොහොයුරු එස්.එම්. රංජිත් උතුරුමැද මහඇමතිවරයා ලෙස පත්වීමට ඉඩ සලසවමින් සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස අද යළි දිවුරුම් දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුරාධපුර චාරිකාවට සමාගමීවයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සභාපති ධුරයෙන් පිදුම් ලැබීම, ජන්ම දිනය සහ පදවි ප්‍රාප්තිය සමරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ රටට ආශිර්වාද පතා කිරිඅම්මාවරුන් දහසක් උදෙසා දානය පිළිගැන්වීම ද අනුරාධපුර - රුවන්වැලි සෑ රඳුන් අභියස දී අද අලූයම සිදුකෙරුණා. රුවන්වැලිසෑය වෙත කිරිපිඬු පූජා කළ ජනාධිපතිවරයා ඉන් පසු කිරිඅම්මාවරුන් සඳහා දානය පිළිගැන්වීමට ද එක්වී තිබෙනවා.

මේ අතර, නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස අද දිවුරුම් දීමත් සමඟම රජයේ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 69 දක්වා ඉහළ යනවා. ඊට කැබිනට් ඇමතිවරු 57 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දස දෙනා සහ ව්‍යාපෘති ඇමතිවරුන් දෙදෙනෙකු ද ඇතුළත්. රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව මේ අනුව 37 දක්වා අඩු වනවා. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ සියලූ අමාත්‍යවරුන් සංඛ්‍යාවේ 106ක් වන අතර එහි වෙනසක් සිදුනොවනු ඇති.





Update : Saturday, 23 November 2013 - 12:53

--------------------------------------------------
එස්.එම්. චන්ද්‍රසේනට කැබිනට් අමාත්‍ය ධුරයක්.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (23) කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන්නා. අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ඔහු දිවුරුම් දුන්නේ විශේෂ ව්‍යාපෘති පිළිබද කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසයි. මීට පෙර වනජීවි අමාත්‍යවරයා ලෙස කටයුතු කළ  එස්.එම්. චන්ද්‍රසේන සිය සොහොයුරු එස්.එම්. රංජිත් උතුරුමැද මහඇමතිවරයා ලෙස පත්වීමට ඉඩ සලසවමින් සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඉන් අනතුරුව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු පත් කරනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories