වීඩීයෝ : අකුණු සැර වැදී 13 හැවිරිදි ළමයෙකු මරුට.

Sunday, 24 November 2013 - 7:35

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+13+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.
ආණමඩුව - තට්ටෑව ප්‍රදේශයේදී පිරිමි ළමයින් දෙදෙනෙකුට අකුණු සැර වැදීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ පස්වරු 6.30ට පමණ සිදුවූ අකුණු සැර වැදීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ 13 හැවිරිදි පිරිමි ළමයෙක්. තුවාල ලැබූ හත්හැවිරිදි අනෙක් පිරිමි ළමයා ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.
 
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අද දිනයේද අපරභාගයේ සහ රාත්‍රී කාලයේ දිවයින පුරා වැසි අපේක්ෂා කළ හැකි බවයි. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගූ ප්‍රකාශ කළා. අකුණු අනතුරු අවම කරගැනීම කෙරෙහිද ජනතාව අවධානයෙන් පසුවිය යුතුයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories