ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ අනුරාධපුර ජයශ්‍රී මහ බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තා. අනතුරුව ජනාධිපතිවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන් බැහැදැක සුවදුක් විමසුවා. මහ විහාරයේ ඉදිකරන ලද අභිනව සංඝාවාස ගොඩනැගිල්ල ජනාධිපතිවරයා අතින් විවෘත වුණේ ඉන් අනතුරුවයි. ජනාධිපතිවරයාට සහ රටට සෙත් පතා ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කළ බෝධි පූජා පිංකමටද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජයශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී සහභාගි වුණා.
Follow US
Most Viewed Stories