Update : අක්මීමන - බකමූණ ඝාතනවලත් සැකකරුවන් පොලිස් දැලේ.

Sunday, 24 November 2013 - 16:59

Update+%3A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B6%B1+-+%E0%B6%B6%E0%B6%9A%E0%B6%B8%E0%B7%96%E0%B6%AB+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A.
ගාල්ල - අක්මීමන ප්‍රදේශයේ දී ව්‍යාපාරික යුවළක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 3 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අතර කාන්තාවක් ද සිටින බවයි අක්මීමන පොලීසිය සදහන් කළේ. පසුගිය 19 වන දා රාත්‍රී කාලයේ දී මෙම ඝාතන සිදුකර තිබූ අතර, දැනට කර ඇති පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ ඉඩම් ආරවුලක් මත මෙම ඝාතන සිදුකර ඇති බවයි.

එමෙන්ම දඹුල්ල  - බකමූණ - පොල්අතුවාඩිය ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක් ද තියුණු ආයුධයකින් පහරදී පසුගිය දා ඝාතනයට ලක් කර තිබූ අතර ඊට සම්බන්ධ පුද්ගලයෙකු අද (24) බකමූණ පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තා. සැකකරු යුධ හමුදාවේ සේවයේ නිරත සෙබලෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ. පසුගිය 21 වන දා අලූයම මෙම නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහර දී තිබූ අතර බරපතල තුවාල ලැබූ අනෙක් කාන්තාව දඹුල්ල රෝහලට ඇතුළත් කළා. ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි සැකකාර හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන ඇත්තේ.


Update : Sunday, 24 November 2013 - 7:54

--------------------------------------------------------------------------
අක්මීමන ප්‍රදේශයේ ව්‍යාපාරික යුවල ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට.

Sunday, 24 November 2013 - 16:59

ගාල්ල - අක්මීමන ප්‍රදේශයේ ව්‍යාපාරික යුවළක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 5 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක් ද සිටින බවයි අක්මීමන පොලීසියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ. පසුගිය 19 වන දා රාත්‍රී කාලයේ දී ගාල්ල - අක්මීමන ප්‍රදේශයේ දී ඝාතනයට ලක්වූ අඹු සැමි යුවළගේ සිරුරු සොයා ගත්තා. මෙම අඹු - සැමි යුවල තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණේ. පසුව සිදුකළ ලද පරීක්ෂණවලින් හෙළි වූයේ ඉඩම් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories