ඇමති වාසුගෙන් ශ්‍රී ලංගමයට එරෙහිව නඩු.

Monday, 25 November 2013 - 7:40

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94.
රජය ක්‍රියාත්මක කරන ත්‍රෛභාෂා ප්‍රතිපත්තියට අනුව ලබන මස සිට ශ්‍රී ලංගමයට එරෙහිව නඩු පවරන බව ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංගම බස් රථවල ගමනාන්තය සඳහන් කර තිබෙන නාම පුවරු  භාෂා තුනෙන්ම ප්‍රදර්ශනය නොකිරීම මෙම තීරණයට හේතුව බවයි. අවස්ථා කිහිපයකදී ත්‍රෛභාෂා ප්‍රතිපත්තියට අනුව කටයුතු කරන ලෙස ලංගමය දැනුවත් කළද එය ක්‍රියාත්මක වී නොමැති බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේ.    

කෙසේ වෙතත් භාෂා තුනෙන්ම බස් රථවල පුවරු ප්‍රදර්ශනය කිරීම සඳහා සියලූ ඩිපෝ වෙත උපදෙස් ලබාදී ඇති බව හිරු ප්‍රවෘත්ති සිදුකළ විමසීමකදී ලංගම උප සභාපති එල්.ඒ. විමලරත්න ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories