මැදපෙරදිග දැන් සුරක්ෂිතයි. ඇමරිකාව කියයි.

Monday, 25 November 2013 - 8:44

%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
මැදපෙරදිග දැන් සුරක්ෂිත වී ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලින් අනතුරුවයි. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ලොව බලවත් රටවල්වල සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පසුගියදා ජිනීවා හිදී පැවත්වුණා. එහිදී ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් සියලූ රටවල්වල එකඟත්වයක් ඇතිවුණා. මෙම එකඟතාවයට අනුව ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ජාත්‍යන්තර පරමාණු අධිකාරියේ දැඩි අධීක්ෂණයට ලක්වනු ඇති. එමෙන්ම නව එකඟතාවයත් සමග ඉරානයට ඩොලර් බිලියන 6 ත් 7 ත් අතර ප්‍රමාණයක සම්බාධක සහනයක් ලබාදීමටද ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.   


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories