පොලිස් නිලධාරීන් මාරු කළේ අකාර්යක්ෂම නිසා. අගමැති.

Monday, 25 November 2013 - 12:51

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F.+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92.
කොළඹ - පුරහල ආසන්නයේ පවත්වාගෙන ගිය සුපිරි සූදු පොළ වැටලීම සහ සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්ධන කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් මාරු කිරීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න පවසනවා. ස්ථාවර නියෝග යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විමසා සිටියේ පොලිස් නිලධාරීන්ට ලබාදී ඇති ස්ථාන මාරු අවලංගු කිරීමට කටයුතු කරන්නේද, යන්නයි. කෙසේ වෙතත් මෙම ස්ථාන මාරුව අවලංගු නොකරන බව ඊට පිළිතුරු ලෙස අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියා. ආන්දෝලනයට තුඩුදුන් මෙම සූදු පොළට අදාළව ඊට වගකිව යුතු පුද්ගලයෙකු ලෙස මාධ්‍යවලින් හෙළිදරව් කෙරුනු හුලා නැමති පුද්ගලයා පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. සංවිධානාත්මක අපරාධ අංශයේ නිලධාරීන් මාරුකරනු ලැබුවේ කාර්යක්ෂමතාවය පිළිබඳව ගැටළුවක් පිළිබඳව බවත් ඇතැම් අයගේ හැසිරීම හොඳ නැති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories