ජනතා පවුරේ ජනාධිපති ධුර අපේක්ෂකයා, සජිත්.

Tuesday, 26 November 2013 - 8:05

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%2C+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A.
මීළග ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස තමන් යෝජනා කරන බව ජනතා පවුර සංවිධානය පවසනවා. එහි කැදවුම්කරු, පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක ඊයේ (25) පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මේ බව කියා සිටියා. ජනතා පවුර සංවිධානය, ශිරාල් ලක්තිලක මන්ත්‍රීවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිසක් විසින් ගොඩනැගූ සංවිධානයක් වන අතර පසුගිය දා පක්ෂ නායකත්වයට එරෙහිව මාතර සිට කොළඹට පා ගමන සංවිධාන කළේ ද මෙම ජනතා පවුර සංවිධානයයි. ඊයේ පැවැති සම්මන්ත්‍රණයේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ශිරාල් ලක්තිලක මන්ත්‍රීවරයා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම අනිවාර්යෙන්ම සිදුවන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories