Update : සේතු සමුද්‍රම් ගැන මෙරට මතය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට.

Tuesday, 26 November 2013 - 10:18

Update+%3A+%E0%B7%83%E0%B7%9A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර, පෝක් සමුද්‍ර සන්ධියේ සහ මන්නාරම් බොක්ක හරහා ඉදිවන සේතු සමුද්‍රම් නෞකා ඇළ මාර්ගයට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සමක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අද (26) විභාගයට ගැනෙනවා. නාවික සැතපුම් 45ක් කැණීම් කර ඉදිකෙරෙන මෙම ඇළ මාර්ගය නිසා දැවැන්ත පරිසර හානියක් සිදුවන බවයි පාරිසරික සංවිධාන පෙන්වා දෙන්නේ. කිලෝමීටර් 167ක් වන සම්පූර්ණ ඇළ මාර්ගය ඉන්දියාවේ නැගෙනහිර සහ බටහිර වෙරළ තීරයන් අතර සමීප මාර්ගයක් බිහි කරන බව ඉන්දීය රජයේ අදහසයි. පුරාවෘත්තයන්හි සඳහන් රාම් සේතු නොහොත් ආදම්ගේ පාලම ලෙස හැදින්වෙන ඉන්දු - ලංකා සම්බන්ධතා මාර්ගය මෙමගින් වෙන් කෙරෙනු ඇති.

සේතු සමුද්‍රම් නෞකා ඇල මාර්ගය හේතුවෙන් සිදුවන පාරිසරික හානිය පිළිබදව ශ්‍රී ලාංකික විද්වතුන් සකස් කළ වාර්තාවක් ද ඉන්දීය රජය වෙත ලබාදී ඇති බව හින්දු පුවත්පත අනාවරණ කළා. මෙහිදී සිදුවන පාරිසරික හානිය මෙන්ම දකුණු ආසියාවේ බොහෝ දෙනෙකුට පූජනීය වූ රාම් සේතු නොහොත් ආදම්ගේ පාලමට සිදුවන හානිය ද එහි දක්වා ඇති බවයි හින්දු පුවත්පත වැඩිදුරටත් සදහන් කළේ.

සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය පිළිබදව ශ්‍රී ලංකාවේ ස්ථාවරය මෙලෙස හෙළිදරව් වූයේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගය පිළිබදව ඉන්දීය මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි. කෙසේ නමුත්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ සේතු සමුද්‍රම් ඇළ මාර්ගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අලූතින් වාර්තාවක් ගොනු කර නොමැති බවයි. ඇළ මාර්ගය ඉදිකිරීමට සූදානම් වූ 2008 වසරේ දී ශ්‍රී ලංකාව මේ පිළිබද ස්ථාවරය ඉන්දියාවට දැනුම් දී තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකාවේ එකඟත්වයකින් තොරව නෞකා ඇළ මාර්ග ඉදිකිරීම එක්සත් ජාතීන්ගේ සාගර නීතියට පටහැනි බව ඇතැම් ඉන්දීය විචාරකයන් පෙන්වා දෙනවා. එම තත්ත්වය ඉන්දීය ජනතා පක්ෂයේ  හිටපු නායක සුබ්‍රමනියම් ස්වාමි ඉන්දීය රජය වෙත දැනුම් දී ඇතැයි සදහන්.

Update : Tuesday, 26 November 2013 - 12:42 PM
-------------------------------------
සේතු සමුද්‍රම් අද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර, පෝක් සමුද්‍ර සන්ධියේ සහ මන්නාරම් බොක්ක හරහා ඉදිවන සේතු සමුද්‍රම් නෞකා ඇළ මාර්ගයට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සමක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අද (26) විභාගයට ගැනෙනවා. නාවික සැතපුම් 45ක් ගැන ඉදිකෙරෙන මෙම ඇළ මාර්ගය නිසා දැවැන්ත පරිසර හානියක් සිදුවන බවයි පාරිසරික සංවිධාන පෙන්වා දෙන්නේ. කිලෝමීටර් 167ක් වන සම්පූර්ණ ඇළ මාර්ගය ඉන්දියාවේ නැගෙනහිර සහ බටහිර වෙරළ තීරයන් අතර සමීප මාර්ගයක් බිහි කරන බව ඉන්දීය රජයේ අදහසයි. පුරාවෘත්තයන්හි සඳහන් රාම් සේතු නොහොත් ආදම්ගේ පාලම ලෙස හැදින්වෙන ඉන්දු - ලංකා සම්බන්ධතා මාර්ගය මෙමගින් වෙන් කෙරෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories