අවිශ්වාසය දුරලීමේ පියවරක්. - ඔබාමා.

Tuesday, 26 November 2013 - 13:22

%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F.
ඉරානය සමඟ න්‍යෂ්ටික එකඟතාවක් ඇති කර ගත්ත ද දැවැන්ත අභියෝග තවමත් ඉතිරිව පවතින බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශ කළා. එහෙත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගවලට දොරගුළු නොදැමිය යුතු බව ඔබාමා කියා සිටියේ එම එකඟතාව සාධාරණීයකරණය කරමින්. එමෙන්ම නතර කළ යුත්තේ ප්‍රබල සාකච්ඡාමය ක්‍රියාමාර්ග නොව නව රටවල් අතර පවතින අවිශ්වාසය බවයි ජනාධිපති ඔබාමා පෙන්වා දුන්නේ. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ සීමා කිරීමට ජිනිවා සාකච්ඡාවලදී එකඟත්වයක් පළ වුණා. ඒ වෙනුවෙන් ඉරානයට පනවා ඇති සම්බාධක ක්‍රමක්‍රමයෙන් ඉවත් කිරීමටයි ඇමරිකාව ඇතුළු බටහිර රටවල් එකඟ වුණේ. ඉරානය සහ ලෝක බලවතුන් අතර දැන් ඇති වී තිබෙන්නේ මාස 6කට බලපැවැත්වෙන අන්තර් වාර එකඟතාවක්.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories