Update : විල්පත්තුවේ ක්‍රියා ගැන කොටි පාපොච්චාරණ තවමත්.

Tuesday, 26 November 2013 - 15:05

Update+%3A+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A.
විල්පත්තු වනයේ සිට ඇන්ටනෝව් 32 ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ 37 දෙනෙකු මරණයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවද අද (26) අනුරාධපුර විශේෂ මහාධිකරණයේදී විභාගයට ගැනුණා. එහිදී එම නඩුවේ දෙවන විත්තිකරු වන සින්නතිලකන් නැමැති එල්.ටී.ටී.ඊ. මිසයිල බලකායේ හිටපු සාමාජිකයා ලබාදුන් පාපොච්චාරණයක්ද, ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළා. ප්‍රහාර එල්ල කිරීම සඳහා මිසයිල අවියද රැගෙන මාසයක පමණ කාලයක් විල්පත්තු කැලයට වී රැකගෙන සිටි බවයි ඔහු සඳහන් කර ඇත්තේ. තමන් එල්.ටී.ටී.ඊ. නායකයන් කිහිප දෙනෙකු යටතේ පුහුණුව ලැබූ බවද ඔහු සඳහන් කර තිබෙනවා. මීට පෙර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති තවත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු ද මේ සම්බන්ධයෙන් පාපොච්චාරණයක් සිදුකළා. 2000 වසරේ මාර්තු මස 30 වැනිදා කොටි සාමාජිකයන් එල්ල කළ මෙම ප්‍රහාරයෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. නඩුව යළි අනිද්දා විභාගයට ගැනීමට නියමිතයි.

 

විල්පත්තු ජාතික වනෝද්‍යානයේදී යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ හිටපු ආඥාපතිවරයා ඇතුළු 08 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවද විශේෂ නඩු කටයුත්තක් සේ සලකා විභාග කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් 02, 03 සහ 04 යන දිනවල එය අඛණ්ඩව විභාගයට ගන්නා බවයි අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න අද ප්‍රකාශ කළේ.

 Update : Tuesday, 26 November 2013 - 7:55
---------------------------------------------------------------------------------------
විල්පත්තු ඝාතන සිද්ධියේ නඩුව විශේෂ නඩු කටයුත්තක් වේ.

Tuesday, 26 November 2013 - 15:05

විල්පත්තු ජාතික වනෝද්‍යානයේදී යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ හිටපු ආඥාපතිවරයා ඇතුළු 08 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව විශේෂ නඩු කටයුත්තක් සේ සලකා විභාග කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් 02, 03 සහ 04 යන දිනවල එය අඛණ්ඩව විභාගයට ගන්නා බවයි අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න අද (26) ප්‍රකාශ කළේ. සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර විශේෂ මහාධිකරණයේදී අද විභාගයට ගැනුණා. විල්පත්තු ජාතික වනෝද්‍යානයේදී යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ ආඥාපතිවරයාව සිටි ලූතිනන් කර්නල් ජයන්ත සුරවීර ඇතුළු 08 දෙනෙකු ගමන් කළ ජීප් රථයට වෙඩි තබා ඔවුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ සූරියකාන්ත ජෙවනේන්ද්‍රන් නැමැති හිටපු කොටි සාමාජිකයෙකුටයි. 2007 වසරේ මාර්තු 30 වැනිදා එය සිදුව ඇති අතර, සැකකරු ලබන මස 02 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories