වීඩීයෝ : රට යන ගමන කිසිවෙකුටත් ආපසු හැරවිය නොහැකියි - ජනපති.

Tuesday, 26 November 2013 - 21:21

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.
ජාත්‍යන්තරයට ගොස් මාතෘ භූමිය පාවා දී රටට එරෙහිව චෝදනා පත්‍ර ගොණු කිරීම ඇතමුන්ගේ වැඩපිළිවෙළ බවට පත්ව ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කඩුවෙල ඊයේ පස්වරුවේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, රට ඉදිරියට ගෙන යන ගමන කිසිවෙකුටත් ආපසු හැරවිය නොහැකි බවයි.

කඩුවෙල නව බස් නැවතුම් සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා. කඩුවෙල නගර සභාව විසින් ඉදිකළ මහල් 3කින් සමන්විත මෙම බස් නැවතුම් සංකීර්ණය සදහා වැය කර විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව අදහස් දැක්වූ  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා.

අද අපිට තියන ලොකුම චෝදනාව ණය ගන්නවා, රටක සංවර්ධනයක් කරන්න මේ රටට ලැබෙන ආදායම මදි නම්, අපි හැමදාම කැඩිච්ච පාරේ යනවාද? වලවල්වල වැටි වැටි යනවාද, පාර පලල් කරන්නේ නැතුව ඉන්නවද? රට එකතැන තියෙනවාද?, නෑ එහෙනම් අපිට සිද්ධ වෙනවා ණය ගන්න. හැබැයි එක ණයක්වත් අපි එක පැයක් ගෙවන වෙලාවට පමා කරලා නැහැ. රටේ සංවර්ධනය ජනතාවගේ සුබ සිද්ධිය සදහා කළයුතු කාර්යය, අන්න ඒ කාර්ය කරන්න අපි කිසිවිටෙකත් පසුබට වෙන්නේ නෑ කියන එක අපි මේ අවස්ථාවේ තමුන්න්නාසේලාට මතක් කරන්න ඕනේ. ඉදිරියට යන ගමනේ දී අපිට ඔබගෙන් අවශ්‍ය වන්නේ මොනවගේ සහයෝගයක්ද? ඔබේ දරු පැටව් ටික හදා ගන්න, මත් කුඩෙන් මේ රට බේරා ගන්න, තනියට ආණ්ඩුවකට කරන්න බැහැ හාමුදුරුවනේ... ඒ සමාජය ගොඩ නැගීමේදී ඔබෙන් අපට ලැබිය යුතු සහය ඒකයි කියලයි මං විශ්වාස කරන්නේ.. ජනතාවගේ අවශ්‍යතාවය අපි ඉටු කරනවා, එහෙම නම්, අපි කෙරෙහි විශ්වාසය තියන්න. ඔබ අපි කෙරෙහි තිබ්බ විශ්වාසය අබමල් රේණුවකින් කඩන්න සූදානම් නැහැ

මේ අතර, කඩුවෙල, ඉහළ බෝමිරියේ ඉදි ‍කෙරුණු කාම්බෝජ බෞද්ධ මන්දිරය   ඊයේ පස්වරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.





[JPG]72189_2[/JPG]
[JPG]72189_3[/JPG]
[JPG]72189_7[/JPG]
[JPG]72189_5[/JPG]
[JPG]72189_6[/JPG]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories