යාපනයේ සිට ත්‍රිකුණාමලය දක්වා මුහුද රළු වියහැකි බව කාලගුණය පවසයි.

Wednesday, 27 November 2013 - 14:08

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B6%BB%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%80%E0%B7%83%E0%B6%BA%E0%B7%92.
යාපනය සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළ සීමාවේ සිට කිලෝමීටර් 300 කට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයට පැයට කිලෝමීටර් 70 ට වඩා වැඩි සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් මුහුද රළු සහ අනතුරුදායක විය හැකි බවයි. අද දිනයේත් රාත්‍රී කාලයේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ලෙහාර් සුළි කුණාටුව මුලතිව් සිට ඊසාන දෙසින් කිලෝමීටර් 750 ක් පමණ දුරින් කේන්ද්‍රගතව තිබෙනවා. එම සුළි කුණාටුව වයඹ දෙසට ගමන් කරමින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මේ හේතුවෙන් යාපනයේ සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළේ සුළං තත්ත්වය වැඩිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories