වීඩීයෝ : අනාගතය කළු කරගන්න එපා. භික්ෂු පෙරමුණෙන් සජිත්ට අවවාද.

Wednesday, 27 November 2013 - 19:10

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%A7++%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF.
අනාගතය අඳුරු කර නොගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට දැනුම්දුන් බව එක්සත් භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය මීටියාගොඩ ගුණරත්න හිමියන් ප්‍රකාශ කළා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂය සඳහා පත් කළ නායකත්ව මණ්ඩලය පිළිබඳව අදහස් දක්වමිනුයි උන්වහන්සේ මේ බව කියා සිටියේ. එක්සත් භික්ෂු පෙරමුණේ ස්වාමීන් වහන්සේලා කළ ඉල්ලීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අවනත වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස නායකත්ව මණ්ඩලයෙන් ඉවත්වූයේ භික්ෂු පෙරමුණ දැනුවත් කිරීමකින් තොරව බවත් පූජ්‍ය මීටියාගොඩ ගුණරතන හිමියන් සඳහන් කළා. මේ සම්බන්ධයෙන් පසුගිය 13 වැනිදා  තමන් වහන්සේ හමුවීමට පැමිණි අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට දැනුම් දුන් බවද උන්වහන්සේ තවදුරටත් කියා සිටියා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories