ඉතාලි හිටපු අගමැතිට පාර්ලිමේන්තුව අහිමිවෙයි.

Thursday, 28 November 2013 - 8:16

%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
ඉතාලි හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලස්කෝනි එරට පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට ඉතාලි සෙනෙට් මණ්ඩලය විසින් පියවර ගෙන තිබෙනවා. පසුගිය කාලය තුළ බදු වංචා චෝදනා සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ප්‍රබල චෝදනා එල්ලවී තිබුණා. එම චෝදනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය එන්රිකෝ ලෙට්ටා ගේ රජය සහ බර්ලස්කෝනි අතර කාලයක් තිස්සේ පැවතුණේ අර්බුදකාරී තත්ත්වයක්. එහි දීර්ඝකාලීන ප්‍රතිඵලයක් ලෙසයි මෙලෙස සිල්වියෝ බර්ලස්කෝනි පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට පියවර ගැනුණේ. කෙසේ වෙතත් හිටපු අග්‍රාමාත්‍යවරයා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීමක් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories