Update : භික්ෂූන් වහන්සේලා සය නමක් මාවනැල්ලේ උපවාසයක.

Thursday, 28 November 2013 - 11:03

Update+%3A+%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A.
භික්ෂූන් වහන්සේලා සය නමක් මාවනැල්ල නගරයේ ඔරලෝසු කණුව අසල අද උදෑසන සිට උපවාසයක නිරතවනවා. ඒ, මාවනැල්ල - දෙවනගල පුදබිම ආරක්ෂා කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු නොවීමට විරෝධය පළ කරමින්. දෙවනගල පුදබිමේ මැණීම් කටයුතු සිදුකර දෙන ලෙස මීට පෙර ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. උපවාසයේ යෙදී සිටින භික්ෂූන් වහන්සේලා සඳහන් කළේ පුදබිමට අයත් භූමියේ අනවසරයෙන් කැණීම් කටයුතු සහ ඉදිකිරීම් සිදුකර ඇති බවයි. එය පුදබිමේ ආරක්ෂාවට සහ පෞරාණිකත්වයට හානියක් වන බවද උන්වහන්සේලා පෙන්වා දෙනවා.  

 
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකගෙන්  විමසීමක් කිරීමට උත්සාහ කළද එය ව්‍යවර්ථ වුණේ ඔහු රැස්වීමකට සහභාගි වී සිටි බැවින්.

Update : Thursday, 28 November 2013 - 12:49 PM
-----------------------------
භික්ෂූන් වහන්සේලා සය නමක් මාවනැල්ල නගරයේ උපවාසයක.

භික්ෂූන් වහන්සේලා සය නමක් මාවනැල්ල නගරයේ ඔරලෝසු කනුව අසල අද උදෑසන සිට උපවාසයක නිරතවනවා. ඒ, මාවනැල්ල - දෙවනගල පුදබිම ආරක්ෂා කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු නොවීමට විරෝධය පළ කරමින්. උපවාසයේ යෙදී සිටින භික්ෂූන් වහන්සේලා සඳහන් කළේ පුදබිමට අයත් භූමියේ අනවසරයෙන් කැණීම් කටයුතු සහ ඉදිකිරීම් සිදුකර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories